නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ අධ්‍යාපන ක‍්‍රමයට දක්ෂතාවයන් හඳුනාගන්න අසමත් වුණා

    මැයි 28, 2014
    අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ සමතුන්, අසමතුන් ලෙස බෙදා වෙන්කරන අපේ අධ්‍යාපන ක‍්‍රමය දක්ෂතාවයන් හඳුනාගන්න අසමත් වෙලා යැයි යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (28) ප‍්‍රකාශ කළේය. 
     
    ශ‍්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයට අයත් බත්තරමුල්ලේ පිහිටි ගොඩනැගිලි සංකීර්ණය තුළ "ඉදිකිරීම් තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යායතනය" ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
     
    ශ‍්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය  පසුගිය වසරේ අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමට අනුව මෙම විශ්වවිද්‍යාල විද්‍යායතනය ආරම්භ කර තිබේ. රජය විසින් ගනු ලැබූ ප‍්‍රතිපත්තිමය තීරණයකට අනුව ඉදිකිරීමට යෝජිත විශ්වවිද්‍යාල විද්‍යායතන 25න් 05ක් පෞද්ගලික අංශයේ සහයෝගය මත ඉදිකරන අතර එයින් තුන්වැනි විශ්වවිද්‍යාල විද්‍යායතනය ලෙස, මෙම ආයතනය ආරම්භ කර තිබේ. රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ලබාගත හැකි  NVQ - 7 හෙවත් තාක්ෂණ උපාධියේ මූලික අධ්‍යාපන කටයුතු ලෙස  NVQ - 5 සහ 6 මට්ටමේ පාඨමාලා මෙසේ පිහිටුවනු ලබන විශ්වවිද්‍යාල විද්‍යායතන තුළ පවත්වනු ලබයි. 
     
    "මේ රටේ කාර්මික අධ්‍යාපනය විප්ලවීය වෙනසකට පරිවර්තනය වන විශේෂිත අවස්ථාවක් ලෙසයි, විශ්වවිද්‍යාල විද්‍යායතන සංකල්පය ආරම්භ වන්නේ. ශ‍්‍රී ලාංකිකයන් ලෙස අපි ඉතිහාසයේ වැරදි රැසක් කර තිබෙනවා. විටෙක අපි ජාතීන් ලෙස බෙදීමට උත්සහා කළා. වසර 30කට අධික කාලයක් එහි ප‍්‍රතිඵල අපි භුක්ති වින්දා. ආගම් ලෙස බෙදීමට දැරූ ඒවා කර ගහගෙන යන තරමට අවාසනාවන්ත වෙලා. අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ සමතුන් අසමතුන් ලෙස බෙදිලා විභාග අසමතුන් ජීවිතය අසමත් අය ලෙස සමාජගත කරන්න උත්සාහ කළා. රාජ්‍ය හා පෞද්ගලික වශයෙනුත් අපි බෙදුනු බව රහසක් නොවෙයි. මෙයින් වඩාත්ම භයානක, සමතුන්, අසමතුන් ලෙස බෙදීම බව රජයක් ලෙස අපි පිළිගෙන තිබෙනවා".
     
    "ළමුන් සෑම අයෙක්ම කුමන හෝ දෙයකට දක්ෂයි. දරුවන්ගේ දක්ෂතාවයන් හඳුනාගන්න අපේ අධ්‍යාපන ක‍්‍රමය අසමත් වුණා. ලෝකයේ කිසිදු රටක මේ විදියට අධ්‍යාපනයේ බෙදීම් ඇති කරන්නේ නැහැ. මෙය ගෝත‍්‍රික ලක්ෂණයක්". 
     
    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය තුළ එහි ඇති දේ ගැනීමට බලකරනවා මිස කැමති දේ ගැනීමට නොලැබෙන බවත් ඔවුන්ගේ දක්ෂතාවය ඉදිරියට ගෙනියන්න අපේ අධ්‍යාපනය කටයුතු නොකිරීම හරහා අපේ රටේ විශාලතම ගැටලුව නිර්මාණය වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB
     
    M- DA UNI OPEN
     
    M- DA UNI OPEN 1
     
    M- DA UNI OPEN 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya