අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ තැනින්තැනට අද පස්වරුවේ වැසි Featured

    මැයි 29, 2014

    අද (29) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.


    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ හා ගාල්ලට වැසි වාර කිහිපයක් ඇති විය හැක.


    රත්නපුර, නුවරඑළිය, මහනුවරට විටින්විට වැසි ඇති විය හැක.


    අනුරාධපුර, ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya