ඒ අනුව, මෙම සැමරුමෙහි විශේෂ අවස්ථාවක් ලෙස දෙසැම්බර් 13 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර නගරාධිපති සංසදය හඳුන්වාදිය හැකිය. ගරු කතානායක කරු ජයසූරිය මහතා මුලසුන හොබවන මෙම ජාත්‍යන්තර නගරාධිපති සංසදය සඳහා ලොවපුරා බොහෝ නගරාධිපතිවරුන් සහභාගීවීමට නියමිත අතර එහිදී විශේෂයෙන් ‘අනාගත නගර’ පිළිබඳ සාකච්ජා හා ඉදිරිපත් කිරීම් සිදුවනු ඇත.
150 වැනි සංවත්සරය සමරමින් පැවැත්වෙන සැමරුම් උළෙල හෙට (14) ප.ව. 06.00ට කොළඹ නව නගර ශාලා පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
එසේම කොළඹ මහ නගර සභාව හා එහි බල ප‍්‍රදේශය තුළ වෙසෙන ජනතාව සමඟ සුහදතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් නිවාස අංක තහඩු 120,000ක් පිරිනැමීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි. කොළඹ මහ නගර සභාව සහ රිචඞ්සන් ආයතනය අතර රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවයේ සංධිස්ථානයක් ලෙස නම් කළ හැක. එම ව්‍යාපෘතිය හෙට (14) ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ නිල නිවාසයන් හා කාර්යාලයන් අංකනය කිරීමෙන් ආරම්භය සනිටුහන් කරනු ඇත.