මුල් ළමාවියේ දරුවන්ගේ රැකවරණය හා සංවර්ධනය සහතික කිරීම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහන “මුල් ළමාවිය මල් කැකුළු රැස නිබඳ සුරකිමු හෙට පිපෙන්නට” යන තේමාව යටතේ පැවැත්වේ.
2010 වසරේ සිට ක්‍රියාත්මක මෙම වැඩසටහන සෑම වසරකම දෙසැම්බර් මස 14 සිට 20 දක්වා සතියක් මුළුල්ලේ පැවැත්වෙනු ඇත.
මෙහිදී මේ සම්බන්ධයෙන් කටයුතු කරන විවිධ පාර්ශව හා ප්‍රතිලාභීන් දැනුම්වත් කිරීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහන් හතක් පැවැත්වීමටත්, තෝරාගත් වැඩසටහන් දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමෙන් පැවැත්වීමටත් විධිවිධාන යොදා ඇති බව ළමා ලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව හෙට සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේදී “සෞඛ්‍ය හා ස්වස්ථතාවය පිළිබඳ ප්‍රමිතීන් ග්‍රන්ථය” එළි දැක්වීමටත්, 15 වෙනි දින මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් මහරගම සණස ශාලාවේදී පෙර පාසල් දෙමව්පියන් දැනුම්වත් කිරීමටත්, 16 වෙනි දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පෙර පාසල් ගුරුවරියන් දැනුම්වත් කිරීමටත් සැලසුම් කර ඇත.
තවද 17 වෙනි දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පෙර පාසල් ළමුන් 500 ක් ඉලක්ක කර ගෙන සෞන්දර්යාත්මක වැඩසටහනක් පැවැත්වීමටත්, 18 වෙනි දින සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේදී මුල් ළමා විය සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් දැනුම්වත් කිරීමටත් අපේක්ෂා කෙරේ.
එමෙන්ම 19 වෙනි දින කොළඹ කාසල් රෝහලේ ගැබිණි මව්වරු හා තරුණ කණ්ඩායම් දැනුම්වත් කිරීමටත්, 20 වෙනි දින බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ආදර්ශ ගම්මානයක් තුළ මුල් ළමාවිය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමටත් අපේක්ෂිතයි.