මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කොළඹ ළමයි - 2014" කලා කුසලතා එළිදැක්වීමේ වැඩසටහනක්

    මැයි 28, 2014
    නාගරික ජනාවාසවල ජීවත්වන දරු දැරියන්ගේ කලා කුසලතා එළිදැක්වීමේ අරමුණෙන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි නාගරික දරු දැරියන් 2000කගේ සහභාගීත්වයෙන් "කොළඹ ළමයි - 2014" වැඩසටහන ආරම්භ කර ඇති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය පවසයි. 
     
    ළමා කලා කුසලතා ප්‍රවර්ධන වැඩසටහනේ ළමා ගායන තරග අංශය සඳහා ළමුන් තෝරාගැනීමේ මූලික වටයේ තරග මාලාව පසුගියදා පැවැත්විණි. 
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාවට නංවනු ලබන ජනසෙවණ "ස්වශක්ති" මානව සංවර්ධන වැඩසටහන යටතේ කොළඹ නාගරික අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන දරු දැරියන්ගේ කලා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් "කොළඹ ළමයි - 2014" වැඩසටහන ක්‍රියාත්මකවේ.
     
    නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කෙරුණු ළමා ගායන තරග අංශයේ මූලික වටයේ තරග සඳහා බොරැල්ල, මැද කොළඹ, උතුරු කොළඹ, නැගෙනහිර - බටහිර කොළඹ යන නාගරික කලාප 4  නියෝජනය කරමින් දරු දැරියෝ 300කට  අධික ප්‍රමාණයක්  සහභාගී වූහ. මෙම දරු දැරියෝ සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග 3ට අයත් පිරිසක් වීම විශේෂත්වයකි. 
     
    විශ්ව ළමා දිනයට සහඟාමීව “කොළඹ ළමයි 2014 ” කලා කුසලතා ප්‍රවර්ධන වැඩසටහන් මාළාවේ සමාප්ති උළෙල දී සිදුකෙරේ.  එම සමාප්ති උළෙල 2014 ඔක්තෝම්බර් මස 4 වෙනි දින කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වීමට නියමිතය.
     
    DB
     
    MP WW COLOMBO CHILD 1
     
    MP WW COLOMBO CHILD 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya