මොරටුව දුම්රිය ස්ථානයෙන් පෙ. ව. 09.00 ට ආරම්භ වන මෙම රිය පෙරහැර ගාලූ පාර ඔස්සේ කොල්ලූපිටිය දක්වා ගමන් කර කොල්ලූපිටිය වටරවුමෙන් ධර්මපාල මාවත ඔස්සේ නෙළුම් පොකුණ මාවත දක්වා ගමන් ගැනීමට නියමිතය.
තරගකාරී වෙළෙඳපොල ජයගැනීමට නම් ප‍්‍රමිතිකරණ භාවිතයන් අත්‍යාවශ්‍ය සාධකයකි. නව පර්යේෂණ හා තාක්ෂණයන් ඇසුරු කරමින් රටට ගැළපෙන නවෝත්පාදන ආර්ථිකයක් බිහිකිරීමෙහිලා ප‍්‍රමිතිකරණය මහෝපකාරී වේ. නිවැරදි ප‍්‍රමිතිකරණය භාවිතයෙන් රජය, ව්‍යාපාරික ප‍්‍රජාව හා සමාජයට අත්කරගත හැකි වාසි පිළිබඳව අවධානය යොමු කිරීමත් ඒ
ඔස්සේ ලෝක ප‍්‍රමිතීන් ශ‍්‍රී ලංකාවට හඳුන්වාදෙමින් උසස් ප‍්‍රමිතිකරණයක් රට තුළ ස්ථාපිත කිරීමට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය කටයුතු කරනු ලබයි.
උසස් ප‍්‍රමිතියෙන් යුතු නිෂ්පාදන හා සේවාවන් පාරිභෝගිකයා වෙත ලබාදීමට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය හා අත්වැල් බැඳගනිමින් කටයුතු කොට තම ව්‍යාපාර දියුණුකරගත් ආයතන සම්බන්ධ කරගනිමින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.
AP