නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    දෙසැම්බර් 05, 2015

    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ II පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය- 2012(I) 2015 ( බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ II පෙළ ජේලර් හා II පෙළ සුබසාධක නිලධාරීන් සඳහා නුහුරු භාෂා වාචික පරීක්ෂණය) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම ප්‍රතිඵල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බන්ධනාගාර මූලස්ථානය, කොළඹ 09 ලිපියන වෙත නිකුත් කර ඇත.

     

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්‍ර සහකාර තනතුරට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය - 2014 (2015) විභාගයේ ප්‍රතිඵල වන සංරක්ෂණ ජනරාල්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සම්පත්පාය, තැ.පෙ. අංක 03, බත්තරමුල්ල ලිපිනය වෙත නිකුත් කර ඇත.

     

    ශ්‍රී ලංකා පොලිස් සේවායේ පරිවාස / වැඩ බලන සහකාර පොලිස් අධිකාරිවරුන්/ වරියන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සහ දෙවන භාෂාව පිළිබඳ පරීක්ෂණය - 2015 (I) විභාගයේ ප්‍රතිඵල පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01 වෙන නිකුත් කර තිබෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya