අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා නිලධාරියෙකුට ඕනැම අභියෝගයක් ජය ගත හැකි විය යුතුයි Featured

    මැයි 27, 2014
    යුද හමුදා නිලධාරියෙකුට ඕනැම අභියෝගයක් ජය ගත හැකි විය යුතුයි බවත් මානුෂික මෙහෙයුම සමයේ දී ඒ තුළ සිදු වු සියලු දේ ඒ ආකාරයෙන් ම ලෝකය පුරා පැතිර ගියේ නම් වර්තමානයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව වෙත නිග්‍රහ කිරීම් සිදු නොවන බවත් කුඩා රාජ්‍යයක් වන අපට ඉදිරියේ දී ත් විවිධ තර්ජනවලට මුහුණ දෙන්නට සිදු වන බවත් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මූලික ජනමාධ්‍ය පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ යුධ හමුදා රණවිරුවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගි වෙමිනි. මෙහිදී පාඨමාලා හැදෑරු 47 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කෙරුණි. ජනමාධ්‍ය පාඨමාලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කර තිබුණි. අප්‍රේල් 22දා සිට අද (27) දක්වා මෙම පාඨමාලාව පැවැත්විණි.
     
    යුද්ධය අවසන් අදියරේ දී රණවිරුවන් එක් අතකින් ගිනි අවියත්, අනෙක් අතින් මානව හිමිකම් ප්‍රඥප්තියත්, උරහිසේ අවතැන් ජනතාවත්, හදවතේ දයාව, කරුණාව, මනුෂ්‍යත්වයත් තබාගෙන ගමන් කළ බවත් එසේ මානුෂික මෙහෙයුමක් කළ රණ විරුවන් සිටින හමුදාවක් මෙතෙක් ලොව පැවති කිසිම යුද්ධයක දීවත් හමු ‍වන්නේ නැතැයි අතිගරු ජනාධිපතිතුමා යුද්ධය අවසානයේ පැවැත්වූ පළමු රණවිරු සැමරුම් උළෙලේදීම ප්‍රකාශ කළ බව ද යුද හමුදාපතිවරයා සිහිපත් කළේය.
     
    යුද හමුදාව කරන දේ සමාජගත කළ යුතුයි. ඒ සඳහා ක්‍රමයක් තිබිය යුතුයි. ඒ ඒ අවස්ථාවන්ට අනුව සොල්දාදුවා තුළ හැම චරිතයක් ම ජීවත් වනවා. යුද හමුදා නිලධාරියෙකුට ඕනෑම අභියෝගයක් ජය ගත හැකි විය යුතුයි. 
     
    හමුදාව තුළ සිදුවෙන්නා වු සියලු දේවල් සමාජගත යුතු බවත් එසේ සමාජගත නොවන හිදැස පිරවීම සඳහා මූලාරම්භයක් ලෙසින් මෙම මූලික ජනමාධ්‍ය පාඨමාලාව පැවැත්වීමට කටයුතු කළ බවත් යුද හමුදාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    යුද පෙරමුණට යන්නට පෙර ද පුහුණුවීම් සිදුකරන බවත් ප්‍රායෝගිකව සහ න්‍යාය අධ්‍යයනය කිරීම තුළ විශාල වෙනසක් ඇති බවත් මේ පාඨමාලාවේ දී එම වෙනස නැති වී ඇති බවත් පෙන්වා දුන් යුද හමුදාපතිවරයා රණ විරුවන්ට වෙනස් ක්ෂේත්‍ර කරාද ගමන් කළ හැකි විය යුතු බවත් වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
     
    මෙහිදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.
     
    DB
     
    DSC 5346
     
    DSC 1591
     
    DSC 5373
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya