අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාතට උදය කාලයේ දී වැසි Featured

    මැයි 28, 2014

    අද (28) දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ දකුණ පළාත්වල විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර පළාතේ විශේෂයෙන් උදය කාලයේ දී වැසි වාර  කීපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, උතුරු මැද  සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට තරමක තද සුළං ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවලද වැසි ඇති වන විට තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ හා ගාල්ලට විශේෂයෙන් උදය කාලයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැක.


    රත්නපුර නුවරඑළිය, මහනුවරට විටින්විට වැසි ඇති විය හැක.


    මඩකළපුවට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    අනුරාධපුර, ත්‍රිකුණාමලය සහ යාපනය ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී. මන්නාරමට වැසි ස්වල්පයක් ඇති විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya