අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්නිවේදන අධ්‍යනය සියලු පුරවැසියන්ට අත්‍යවශ්‍ය කාරණයක් Featured

    මැයි 27, 2014
    මාධ්‍ය කිසිවිටෙක බැහැර කර තැබිය හැක්කක් නොවන බවත් සන්නිවේදන අධ්‍යනය සියලු පුරවැසියන්ට අත්‍යවශ්‍ය කරුණක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පැවසීය.
     
    ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ පැවැති සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි. 
     
    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කළ මූලික ජනමාධ්‍ය පාඨමාලාව හැදෑරු යුධ හමුදා රණවිරුවන් 47 දෙනෙකු සඳහා මෙහිදී සහතික ප්‍රදානය කෙරිණි.
     
    තරගකාරී මාධ්‍ය සමාජයක නිවැරදි දේ තෝරාගැනීම සරල අධ්‍යනයකින් සිදු කළ හැක්කක් නොවන බවත් රටක ජනතාව අධ්‍යාපනය ලැබූ පමණින්ම දියුණු නොවන බවත් ඒ හරහා විශ්වීය ගමනට හුරු නොවන බවත් පැවසූ මහාචාර්යතුමා හමුදා සේවය ඇගයීම සරල ලෙස කළ නොහැක්කක් බවද පැවසීය.
     
    හමුදා සේවයේ නියුතුවූවන් මානසිකව සිවිල් සමාජය සමඟ ගැලපිය නොහැකි බවට සමාජයේ පුහු මතයක් ඇති බව පෙන්වාදුන් මහාචාර්යතුමා ඔවුන් තුළද නිල ඇඳුම පසෙකලා සමාජයට පැමිණිය හැකි විය යුතු බවත් ඒ සඳහා ආකල්ප වෙනස් විය යුතු බවත් පෙන්වා දුන්නේය.
     
    මාධ්‍ය යනු ජන සංහාරය සඳහා මෙවලමක් බවට ලෝකයේ මතයක් තිබෙනවා. වර්තමානයේ දී මාධ්‍ය විශාල ව්‍යාපාරික ගමනක යෙදී සිටිනවා. මාධ්‍ය බලවතුන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් යොදාගන්නවා. නූතන සමාජයේ ප්‍රවෘත්තිය ඉක්මවු නිශ්ඵල කතාවලින් පිරී පවතින්නක්. මෙය මාධ්‍ය විසින් හිතාමතාම සිදු කරන්නකි. 
     
    නූතනයේ දී ආගමකට සිදු කර නොහැකි දෙයක් පවා මාධ්‍ය වෙතින් සිදු කරන බවත් එය නොදැනුවත්වම සිදු කරන්නක් බවත් පෙන්වා දුන් මහාචාර්යතුමා එය තේරුම්ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඉන් කාටවත් වැළකී ජීවත් විය නොහැකි බවත් වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
     
    මෙම අවස්ථාවට යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ, යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ  බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ඇතුළු යුධ හමුදාවේ ඉහළ නිලධාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya