මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව රටේ මූලික ප්‍රතිපත්තිය ලෙස මහින්ද චින්තනය තෝරා ගත්තා

    මැයි 27, 2014
    මීට වසර නවයකට පෙර රටේ මූලික ප්‍රතිපත්තිය ලෙස ජනතාව මහින්ද චින්තන වැඩපිළිවෙළ තෝරාගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙසින් අද දැවැන්ත සංවර්ධන යෝජනාවලීන් ගමට ගලා එන බවත් වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉකුත් දා රත්නපුර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් පැවැති උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
     
    මීට වසර නවයකට ඉහතදී  එක්සත් ජනතා නිදහස් සන්ධානය "මහින්ද චින්තන"  වැඩපිළිවෙළත් එක්සත් ජාතික පක්ෂය "යළි පුබුදමු" වැඩපිළිවෙළත් ජනතාව හමුවේ තැබූ බවත් කෙසේ වෙතත් රටේ ජනතාව ‍ඒ මොහොතේ "මහින්ද චින්තනය" රටේ මූලික ප්‍රතිපත්තිය ලෙස තෝරා ගත් බවත් කීය.
     
    "අපි රජයක් විදිහට කල්පනා කරන්නේ ගෙවෙන අද දවස ගැන නෙමේ, වසර 20ක් 30ක් ඉදිරියට ගිය අනාගතයක් ගැනයි. එහෙම හිතන අපේ රජය වට්ටන්න දෙස් විදෙස් කුමන්ත්‍රණ දියත් වෙනවා. එක්සත් ජාතික පක්ෂ ලේකම්තුමත් මේ කොන්ත්‍රාත් එක අද භාර අරගෙන තියෙනවා. අපි එතුමන්ට අභියෝග කරනවා අපේ රජය වට්ටන්න කලින් පුළුවන් නම් පක්ෂ නායකතුමාවයි, සජිත් මන්ත්‍රීතුමාවයි, පාර්ලිමේන්තු කැන්ටිමේ එක මේසයක වාඩි කරවලා පෙන්නන්න කියලා. ගැලරියට කතා කරන දේශපාලනඥයින් මොනවා කිව්වත් ඊළඟ මැතිවරණයේදිත් මේ රටේ ජනතාව මේ රජය එක්ක ඉන්නවා" යැයිද කොතලාවල මහතා පැවසීය.
     
    ජනතාව මහජන නියෝජිතයෙකුගෙන් තමන්ගේ අරමුණු අපේක්ෂාවන් ඉටුකරගැනීම අපේක්ෂා කරන බවත් එහෙම ජනතා අරමුණු ඉටුකරන්න බලයට ආ දේශපාලඥයින් එයට වඩා වෙනස් ආකාරයෙන් කටයුතු කරපු ඉතිහාසයක් තිබූ බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya