අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිං ගඟ යෝජනා ක්‍රමයෙන් සිංහරාජයට බලපෑමක් නෑ

    මැයි 27, 2014
    ගිං ගඟ යෝජනා ක්‍රමය හේතුවෙන් සිංහරාජ රක්ෂිතයට කිසිදු බලපෑමක් සිදු නොවන බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු අයිවන් සිල්වා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    ගිං ගඟ යෝජනා ක්‍රමය මඟින් සිංහරාජ රක්ෂිතය මායිමට වන්නට පිටදෙනිය ප්‍රදේශයේ වැවක් ඉදිකිරීමක් සිදු නොවන බවත් ජල අමුණක් ඉදිකිරීමට යෝජිතව පවතින බවත් සඳහන් කළ ලේකම්වරයා එහිදී හැරවුම් නිර්මිතයක් සකස් කොට උමං මාර්ගයෙන් ජලය ගෙනයාමක් සිදු කරන බවත් පෙන්වා දුන්නේය.
     
    මේ හේතුවෙන් සිංහරාජ රක්ෂිතය කිසිදු අයුරකින් ජලයෙන් යටවීමක් සිදුනොවන බවත් ජල ගැලීම් ඇතිවේ යැයි නෙළුව ප්‍රදේශයේ ජනතාව තුළ අනිසි බියක් පවතින බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
     
    ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි රාජකරුණා මහත්වරුද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස මහත්මිය ඇතුළු එම අමාත්‍යංශයට අයත් ආයතන ප්‍රධානීහු පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya