අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්තයේ රාජකීය බෞද්ධ දූත පිරිස අම්බුළුවාව සර්ව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක

    මැයි 27, 2014

    සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තායිලන්තයේ රාජකීය බෞද්ධ දූත පිරිස ඊයේ (27) ගම්පොළ, අම්බුළුවාව සර්ව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න  මහතාගේ ආරාධනයෙන් අම්බුළුවාවේ නිරීක්ෂණයක නිරතවූ එම දූත පිරිස අම්බුළුවාව බෝ රුක අභියස ආගමික වතාවත්හි නිරත වූහ.


    තායිලන්තයේ බැංකොක් අගනුවර ඓතිහාසික වට් අරූන් විහාරස්ථානය සහ තායිලන්ත උතුරු ප්‍රාන්ත අනුනායක පූජ්‍යපාද පාරා ශ්‍රී සුටිවටී ( Most Ven. Phra Suttivetee thero) නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද ෆාරාමහා බූන්රෑන්ග් සතිඩ්කීරී ( Ven. Phramaha Boonrung Sathidkeeree Thero) හිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද පාරා මනුස් කොචූර්න් (Ven. Phra Manus Kaochuorn) හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය සහ තායිලන්තයේ ප්‍රභූ දූත පිරිස පසුගිය 25 වන දින මෙරටට පැමිණි අතර, ඔවුන් දින හතරක කාලයක් මෙරට සංචාරය කිරීමට නියමිතය.
     

    අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ නිරීක්ෂණයෙහි නිරතවූ එම දූත පිරිසේ ප්‍රධානී තායිලන්තයේ බැංකොක් අගනුවර ඓතිහාසික අරූන් විහාරස්ථානය සහ තායිලන්ත උතුරු ප්‍රාන්ත අනුනායක පූජ්‍යපාද පාරා ශ්‍රී සුටිවටී ( Most Ven. Phra Suttivetee thero) නායක හිමිපාණන් වහන්සේ විසින් තායිලන්තයේ රජ පවුල වෙනුවෙන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා වෙත එහිදී පිළිගන්වන ලදී. අනතුරුව මහා සංඝරත්නය අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා වෙත සෙත් පිරත් දේශනා සිදුකොට ආශිර්වාද කළේය.


    එම තායිලන්ත දූත පිරිස අනතරුව මහනුවර ශ්‍රී දළදා මාලිගයේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් පසු අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණනන් වහන්සේ බැහැදැකීම සඳහා පිටත්වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya