අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නාවික කලාපයෙන් හෙලිකොප්ටරයක සුන්බුන් Featured

    මැයි 26, 2014
    ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් උතුරු නාවික කලාපයේ චලෙයි සිට නාවික සැතැපුමක් එපිටින් පිහිටි මුහුදෙන් හෙලිකොප්ටරයක සුන්බුන් කැබැලි ඊයේ (25) ගොඩ ගන්නා ලදී.
     
    නාවික හමුදාපති වයිස් අදිමිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ මෙහෙයවීමෙන් හා උතුරු නාවික කලාපයේ ආඥාපති රියර් අද්මිරාල් සරත් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදු කෙරිණි. ‍
     
    මේ සඳහා උතුරු නාවික බල ඇණියට අයත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණගජ ගොඩබෑමේ යානය හා  P 492 අධිවේගී ප්‍රහාරක යානයේ සහය ලබා ගැනිණි. 
     
    මෙහිදී ගොඩගත් සුන්බුන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දී ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya