අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම, සබරගමුව සහ දකුණ පළාත්වලට විටින් විට වැසි

    මැයි 27, 2014

    අද (27) දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ දකුණ පළාත්වල විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර පළාතේ විශේෂයෙන් උදය කාලයේ දී වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට තරමක තද සුළං ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවලද වැසි ඇති වන විට තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව නුවරඑළිය, මහනුවර, කොළඹ, රත්නපුර හා ගාල්ලට විටින්විට වැසි ඇති විය හැක. මඩකළපුවට අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    අනුරාධපුර, ත්‍රිකුණාමලය සහ යාපනය ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී. මන්නාරමට වැසි ස්වල්පයක් ඇති විය හැක.


    මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya