මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාහන සිහිනය සැබෑ කරන්න මහජන බැංකුවෙන් ණය

    මැයි 26, 2014

    වාහන සිහිනය යථාර්ථයක් කරමින් මහජන බැංකුව පීපල්ස් ඔටෝ ලෝන් වාහන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙයි.වෘත්තිකයින්ට, ස්ථීර රැකියාවල නිවුතුවූවන්ට සහ ව්‍යවසායකයින්ට තම පුද්ගලික හෝ ව්‍යාපාරික අවශ්‍යතාවන් සඳහා වාහනයක් මිලට ගැනීමේ අවස්ථාව සලසා දීමේ අරමුණින් මහජන බැංකුව හඳුන්වා දී ඇති පීපල්ස් ඔටෝ ලෝන් තුළින් නවීනතම වාහන (Brand New) සඳහා බිල්පත් මිලෙන් 75%ක් ද නවීකරණය කළ නමුත්, ලියාපදිංචි නොකළ වාහන සඳහා තක්සේරු වටිනාකමින් 75%ක් ද ලියාපදිංචි කළ වාහන සඳහා තක්සේරු වටිනාකමින් 60%ක් ද ණය මුදල් වශයෙන් ලබාගත හැක.


    මෙමගින් ලබාගන්නා ණය මුදල සහනදායී පොලී අනුපාත මත, ආපසු ගෙවීමේ හැකියාවද මහජන බැංකුව සලසා තිබේ. ණය මුදල් ආපසු ගෙවීම සඳහා උපරිම වසර 05-07ක කාලයක් ලබාදී තිබෙන අතර, වසර 05ක් සඳහා රුපියල් ලක්ෂයකට ගෙවිය යුතු මාසික වාරිකය රුපියල් 2,378.99කි. වසර 07ක කාලයක් සඳහා රුපියල් ලක්ෂයකට ගෙවිය යුතු මාසික වාරිකය රුපියල් 1,929,68කි.

    එමෙන් ම පීපල්ස් ඔටෝ ලෝන් ණය පහසුකම් ලබාගන්නා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමිවේ. දිවයින පුරා පිහිටා ඇති 730කට අධික ඕනෑම මහජන බැංකු ශාඛාවකින් මෙම ණය මුදල අයදුම්කිරීමේ හැකියාව සලසා දී ඇති අතර, පහසු සහ සරල අයදුම් කිරීමේ ක්‍රියාවලියකින් යුක්තය. මේ සඳහා පිරිසැකසුම් ගාස්තුවක් අය නොකෙරේ. ගෙවිය යුතු ශේෂයට පමණක් පොලිය එකතුවීමද මෙම ණය යෝජනා ක්‍රමයෙන් ලැබෙන තවත් ප්‍රතිලාභයකි.

    මීට අමතරව මෙහි කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැති අතර, මාසික වාරිකයට වැට් බදු එකතු වීමක් ද සිදු නොවේ. ණය මුදල නියමිත කාලයට පෙර ගෙවා නිම කිරීමේ දී දඩ මුදලක් ද අය නොකෙරේ. මෙම ණය යෝජනා ක්‍රමය පිළිබඳව වැඩිදුර තොරතුරු දිවයිනපුරා පිහිටි ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ලබාගැනීමේ හැකියාව සලසා ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya