අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය දැනුමට ප්‍රමුඛතාව ලබාදෙමින් නවීන ක්‍රම භාවිතයට ගත යුතුයි

    මැයි 26, 2014
    ශ්‍රී ලංකාව යනු සම්පත් හීන, ආර්ථීක වර්ධනයක් ළඟාකරගත නොහැකි දිළිඳු රටක් ලෙස තිබූ සෘනාත්මක චින්තනය බැහැර කිරීමට කාලය එළඹ ඇති බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී.
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් නිපදවනු ලැබූ ආයුර්වේද උපකරණ ආයුර්වේද සංරක්ෂණ සභා වෙත ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි. 
     
    දේශීය වෛද්‍ය විද්‍යාවේ උන්තනිය වෙනුවෙන් ඉංජිනේරුමය දායකත්වයක් ලබාදෙමින්, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) ඖෂධ නිෂ්පාදනයේදී පාරම්පරික වෛද්‍යවරුවන් මුහුණපාන ගැටලු නිරාකරණය කිරීම සඳහා ආයුර්වේද උපකරණ නිෂ්පාදනය කිරීමට කටයුතු කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි, ඖෂධ කොළ, ඇට වර්ග කුඩු කිරීමේ යන්ත්‍ර 45ක් සහ ඖෂධ කොළවලින් යුෂ, තෙල් ලබාගැනීමේ යන්ත්‍ර 27ක් නිපදවා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මැතිතුමන් වෙත ප්‍රදානය කිරීම පසුගියදා සිදුවිය. 
     
    මෙහිදී නවෝත්පාදන ආර්ථීකයක් කරා යන ගමනේදී දේශීය කර්මාන්ත නිබඳවම නඟාසිටුවිය යුතු බවත් පාරම්පරික වෛද්‍ය විද්‍යාව වැනි දේශීය අනන්‍යතාව තහවුරු කෙරෙන අපේ සාම්ප්‍රදායික විද්‍යාවන් ප්‍රවර්ධනය කරමින් සංවර්ධන කාර්යයන් සඳහා භාවිත කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා ආර්ථීකයේ තේ,පොල් හා රබර් සඳහා දක්වන උනන්දුව අරළු,බුළු නෙල්ලිවලටත් දක්වන්නේ නම් එය ආර්ථීක  මෙන්ම සෞඛ්‍ය සංවර්ධනයටද වඩාත් වැදගත්වනු ඇත. අප සතු සම්පත් හා මානව හැකියාවන් සියල්ල කැටිකරමින් ලබාගත හැකි උපරිම සංවර්ධන වේගය 6.7% ක් බවත් ඉන් ඔබ්බට යාමට නම් තාක්ෂණය හා නවීන විද්‍යාත්මක ක්‍රම භාවිතයට ගතයුතු බවත් ලෝක බැංකු වාර්තාවේ සඳහන් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් නව තාක්ෂණය තුළින් ඉදිරි වසර 05ක කාලයක් සඳහා ආයෝජන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා  පෙන්වා දුන්නේය. එය දේශීය දැනුමට ප්‍රමුඛතාව ලබාදෙමින් සිදු කරනු ලැබේ.
     
    නූතන තාක්ෂණය ඉවක් බවක් නැතිව පරිහරණය කිරීම නිසාත් නූතන තාක්ෂණයේ දර්ශනය හඳුනාගැනීමට අපොහොසත් වී ඇති නිසාත් අද ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව තිබේ. අනිසි රසායනික ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අපගේ ජල පද්ධතිය දැඩි ලෙස හානියට පත් වී තිබේ. රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් අප ක්‍රමයෙන් ඉවත්විය යුතු අතර අහිතකර රසායනික ද්‍රව්‍ය මෙරටට පැමිණීම පාලනයට දැඩි පියවර ගත යුතුය. මේ සඳහා පසුගිය කාලයේ නොයෙකුත් ක්‍රියාමාර්ග ගනු ලැබූවත් විවිධ රසායනික හා ඖෂධ මාෆියා කණ්ඩායම් බලවත් වී එය ක්‍රියාවට නැංවීම පාලනය කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
     
    රජරට වකුගඩු රෝගයට හේතුවන කෘෂි රසායනික ද්‍රව්‍ය 06ක් පර්යේෂණ මඟින් සොයාගනු ලැබූවද අද වන තුරුත් එම රසායනික ද්‍රව්‍ය තහනම් කිරීමට නොහැකි වී තිබේ. නීතියේ සාධාරණත්වය හා නිදහස පිළිබඳව ගැටලු මතුවෙමින් පවතින බවත් ජනතාව නීතිය අතට ගෙන කටයුතු කිරීමට පෙර මෙම මාෆියා කණ්ඩායම් පාලනය සඳහා පියවර ගත යුතු බවද අමාත්‍ය චම්පික රණවක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
     
    MAP  
    ayur equip 3
    ayur equip 2
    ayur equip 4
    ayur equip 1
    ayur equip 5
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya