අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමැති බැසිල් කොරියානු නව තානාපති හමුවේ

    මැයි 26, 2014
    ශී‍්‍ර ලංකාවේ කොරියානු නව තානාපති චැන්ග් වොන් සම් මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු විය. 
     
    පසුගිය සිකුරාදා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හමු වු කොරියානු නව තානාපතිවරයා කොරියා ශ‍්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව පැවසීය. දෙරට අතර පවතින ආයෝජන සහ වෙළඳ කටයුතු තවදුරටත් වර්ධනය කරගැනීමට මෙහිදී සාකච්ඡා විය. 
     
    එසේම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මය සහ අධ්‍යාපනය යන අංශයන්ගේ සංවර්ධනයට දායකත්වය ලබාදීමට කොරියානු රජය බලාපොරොත්තු වන බවද තානාපතිවරයා මෙහිදී පැවසීය. 
     
    ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කොරියානු රජය විසින් ලබාදෙනු ලබන සහයෝගය පිළිබඳ ව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී කොරියානු රජයට සිය ස්තුතිය පුද කළේය. 
     
    ශ‍්‍රී ලංකාව සහ කොරියාව අතර තානාපති සබඳතා ආරම්භ වී වසර 37ක් ගතවී ඇත. මෙම කාල පරිඡේදය තුළ  දෙරට අතර ආර්ථික, සමාජීය, දේශපාලනික සංස්කෘතික සබඳතා වර්ධනය වී ඇති අතර ශ‍්‍රී ලංකාව මේ වන විට කොරියානු රජය මඟින් පිරිනමන නිල සංවර්ධන ආධාර වැඩසටහනෙහි තෙවන ස්ථානයේ පසුවේ. ශ‍්‍රී ලාංකීය තරුණයින් දහස් ගණනක් කොරියාවේ සංවර්ධන ව්‍යාපෘතීන්හි සේවය කරනු ලබයි.
     
    DB/MED
     
     
     
    DSC 9010
     
     
     
     
     
     
    DSC 9012

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya