පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ හා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය හෙට පෙරවරු 8.30ට කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්වේ.
දකුණු ආසියාවේ රාජ්‍යයන් 15කින් නියෝජිතයින් 40ක් පමණ මෙම සමුළුවට සහභාගී වන අතර, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා ජාතික ඕසෝන් ඒකකය එක්ව මෙම සමුළුව සංවිධානය කරයි. සමුළුව මේ මස 27 දින සිට 30 දක්වා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්වේ.
ECB