අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගමේ ජනතාවට නැඟී සිටීමට ඉඩකඩ ලැබුණේ සමෘද්ධි අධිකාරියෙන්

    මැයි 26, 2014

    ගමේ ජීවත්ව සිටි අහිංසක දුප්පත් ජනතාවට තම ස්වෝත්සාහයෙන් නැගී සිටීමට මඟ විවර වුයේ සමෘද්ධි අධිකාරිය නිසා යැයි පුද්ගලික ප‍්‍රවාහන සේවා  අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

    නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ හඟුරන්කෙත සමෘද්ධි මහා සංගම් සංවත්සරයට එක් වෙමින් අමත්‍යවරයා මේ බව පැවසීය. අද ඒ පවුල් සමෘද්ධිමත්ව ජීවත් වීම අප සියලු දෙනාටම සතුටුවිය හැකි කරුණකි. මේ සේවයට කැපවූ සමෘද්ධි නිලධාරීන් වන ඔබ කෙතරම් විශිෂ්ට පුද්ගලයන්ද?. දුගී දුප්පත් පවුල් අද ලබා ඇති සමෘද්ධිය දෙස බලා ඔබ ලබන තෘප්තිමත් භාවය මිල මුදලට ගත නොහැකිය. ඒ සතුට සැමදා ඔබ සතුවනු ඇත.

    සමෘද්ධි නිලධාරියා නිරන්තරයෙන් නින්දා, අපහාස, චෝදනා ලැබු පුද්ගලයෙකි. එහෙත් ඒවායෙන් නොසැලී රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔබ ගන්නාවු වෙහෙස අප අගය කළ යුතුයි. ඒ නිසා රජය නිසි තැන ඔබට ලබා දී ඇත. සමෘද්ධිය හැදුවේ මේ රජයයි. එය රැකගැනීම සඳහා කැපවී සිටින්නේද මේ රජයම බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya