මෙම තහනමට ලක්කිරීමේ ක්‍රියාවලිය සිදුවූයේ ඉතා හදිසියෙන් මෙන්ම ඇගයීමේ හා සනාථකිරීමේ නිසි ක්‍රියාදාමයකින් ද තොරවය. ලැයිස්තු ගත කර තිබූ ආයතන බොහොමයක් ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයට කිසි දින යොමු වී නැත. තහනමට ලක්කරන විට ඇතැම් පුද්ගලයන් ජීවතුන් අතර නොසිටි අතර ඉන් එක් පුද්ගලයකු තහනමට ලක්වූ දිනට වසර 8 කට පෙර මිය ගොස් සිටියේය.
2012 දී පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද එක්සත් ජාතීන්ගේ රෙගුලාසි අංක 1 මගින් මෙම තහනමට ලක්කරන ආයතන ලැයිස්තුව වසරකට වරක් වත් සමාලෝචනය කිරීමට හා යාවත්කාලීන කිරීමට උපදෙස් දී ඇත. නව රජය විසින් සියළු ආකාරයකින්ම ත්‍රසත්වාදය මැඩපැවැත්වීමට කටයුතු කෙරන අතර ඒ අනුව මෙම ලැයිස්තුව යාවත්කාලීන කිරීම සඳහා ද ක්‍රමානුකූල සමාලෝචන ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ද කටයුතු කරන ලදි.
පසුගිය මාස 6ක කාලය තුල, නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා බුද්ධි අංශ විසින් මෙම තහනමට ලක්කල ආයතන හා පුද්ගලයන් පිළිබඳ පුළුල් ලෙස සමාලෝචනයක් කරන ලදි. එම සමාලෝචන ක්‍රියාවලිය අවසානයේ නිගමනය වූයේ එහි සඳහන් ආයතන 8ක් සහ පුද්ගලයන් 267 දෙනෙකු සම්බන්ධයෙන් තහනමට ලක්කිරීම සඳහා පිළිගත හැකි සාක්ෂී නොමැති බවයි. ඒ අනුව, බෙදුම්වාදය පැතිරවීම සඳහා අඛණ්ඩව ක්‍රියාකරමින් සිටින ආයතන 8ක් සහ පුද්ගලයන් 157 දෙනෙක් තවදුරටත් මෙම තහනමට අයත් විය යුතු බවට වැඩිදුරටත් තීරණය විය.
මෙම සමාලෝචනයේ ප්‍රථිඵලයක් ලෙස, අපගේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා බුද්ධි අංශ සේවාවලට සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, පවතින සැබෑ තර්ජනයන් මැඩපැවැත්වීම කෙරේ තම පුර්ණ අවධානය හා ශක්තිය යෙදවීමට හැකි වී තිබේ. තවද, නව රජය ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ පාලනය, වගවීම, හා ප්‍රතිසන්ධානය සඳහා වූ ජනවරමක් ලද බැවින් බොහෝ පුද්ගලයන් ජාත්‍යන්තර සමුළු වලදී නොබෙදුනු එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා තමන් තුල ඇති කැපවීම පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව, මෙමගින් පෙන්වා දෙන්නේ, බුද්ධි අංශ භාවිතය, විශේෂිත පුහුණුව, දැඩි වූ නීති ක්‍රියාත්මක කිරීමහා සමීප ත්‍රස්තවාදය වැලැක්වීමේ සහයෝගීතාවයන් මෙන්ම ප්‍රචණ්ඩත්වය ඇති වීම සඳහා මූලික වූ ප්‍රධාන හේතු සඳහා පිළියම් යෙදීම ආදිය ද තුලින් ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා වූ රජයේ ක්‍රියාදාමය සාර්ථකව දියත් වන බවයි.
මින් ඉදිරියට අපගේ ජාත්‍යන්තර වගකීම් වලට අනුව තහනමට ලක් කෙරෙන ආයතන හා පුද්ගලයන්ගේ ලැයිස්තුව රජය විසින් වාර්ෂිකව සමාලෝචනය කර යාවත්කාලීන කරනු ඇත. මෙහි ඇතුලත් වන අනෙකුත් කණ්ඩායම් හා පුද්ගලයන් ද ප්‍රචණ්ඩත්වය බැහැර කිරීමට හා බෙදුම්වාදය පිටුදැකීමට මෙලෙසින්ම කැපවනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.එවිට ඔවුන්ට ද දැනට ශ්‍රී ලංකාවේ උන්නතිය උදෙසා කටයුතු කරමින් පොදු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වී සිටින උතුරේ සහ දකුණේ කලින් තහනමට ලක් ව සිට පසුව එයින් සාර්ථකව ඉවත් වූ සංවිධාන හා පුද්ගලයන් මෙන්ම මෙම තහනමෙන් මිදීමට හැකිවනු ඇත.