මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විශිෂ්ටතා සම්මාන උළෙලේ ජාතික අනුග්‍රාහකත්වය ICTA

    මැයි 26, 2014

    මෙම වර්ෂයේ ජාතික තොරතුරු හා සන්නිවේදන  තාක්‍ෂණ විශිෂ්ටතා සම්මාන උළෙල සඳහා හයවන වරටත්  ජාතික අනුග්‍රාහකත්වය දැක්වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ඉදිරිපත් වේ.


    වරලත් තොරතුරු තාක්‍ෂණවේදීන්ගේ ශ්‍රී ලංකා ශාඛාව විසින් මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙවර එය පවත්වනු ලබන්නේ 16 වන වරටයි.


    සම්මාන කාණ්ඩයන් 22ක් යටතේ ඔක්තෝම්බර් මස  17 දා  රාත්‍රි කොළඹ  ගලධාරී හෝටලයේ දී මෙම  සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වේ.


    මේ පිළිබඳව අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් දේවපුර මහතා පැවසුවේ, “මේ රටේ තිබෙන හොදම අග්‍රගණයේම මෘදුකාංග හදුනාගෙන ඒ මෘදුකාංග වලට ජාතික ප්‍රදානයන් මෙන්ම  ජාතික කීර්තියක් ලබා දීම මෘදුකාංග නිපදවන්නන්ට පමණක්  නොව සමස්ත මෘදුකාංග කර්මාන්තයට ම ධෛර්යක් ශක්තියක් වෙනවා. විශේෂයෙන් තොරතුරු තාක්‍ෂණ කර්මාන්තය රටේ ආර්ථිකයේ ගාමක බලවේගය බවට පත් කිරීමේ ව්‍යායාමයට මෙවැනි දිරිගැන්වීම් ඉතා විශාල රුකුලක් වෙනවා. අපි‍ බොහෝ දෙනාගේ අරමුණ තොරතුරු තාක්‍ෂණ කර්මාන්තය තුළින් විදේශ විනිමය ආදායම වාර්ෂිකව ඉහළ නැංවීමටයි. ඒ සඳහා අග්‍රගණයේ මෘදුකාංග එළි දැක්වීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා.

     

    තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ ජීවනාලි සම්මානය, රාජ්‍ය අංශයේ විශිෂ්ටත ම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ආයතනය සම්මාන, වසරේ විශිෂ්ටතම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ව්‍යසායකයා සම්මානය, දේශීය භාෂා භාවිතය සඳහා සම්මානය, විවෘත මෘදුකාංග කාණ්ඩය සඳහා සම්මානය යන අංශද මෙහිදී විශේෂ සම්මානයට පාත්‍ර වේ. මෙහිදී  සම්මානයට පාත්‍රවන සම්මානලාභීන් ආසියානු පැසිපික් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සම්මාන උළෙල නියෝජනය කිරීමටද සුදුසුකම් ලබයි. www.nbqsasrilanka.org වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකිවේ.

     

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya