අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය නව අගමැති දිවුරුම් දීම අද

    මැයි 26, 2014
    ඉන්දීය භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අගමැති අපේක්ෂකයා වශයෙන් පසුගිය දා පැවැති ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා නවදිල්ලියේ දී අද (26) දිවුරුම් දීමට නියමිතය. 
     
    ඒ මහතා අද දිවුරුම් දෙන්නේ ඉන්දියාවේ පහළොස්වන අගමැතිවරයා වශයෙනි.
     
    මෙම දිවුරුම් දීමේ අවස්ථාව සඳහා ඉන්දීය නව අගමැතිවරයාගේ ආරාධනය පිළිගනිමින් ශ්‍රී ලංකා ජනාධිපති, පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති, මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කලාපීය රාජ්‍ය නායකයන් රැසක් සහභාගිවීමට නියමිතය. 
     
    දිවුරුම්දීමේ අවස්ථාව සඳහා සාර්ක් රටවල රාජ්‍ය නායකයන්, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු 3,000ක පමණ පිරිසකට ආරාධනා කර තිබේ. දිල්ලි නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය. 
     
    ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් වසර 13ක කාලයක් ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා වශයෙන් නරේන්ද්‍ර මෝදි මැතිතුමා කටයුතු කර ඇත. පසුගිය දා අවසන් වූ ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ආසන 282ක් ජයග්‍රහණය කළ අතර එම පක්ෂය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු පක්ෂ සමඟ සන්ධාන ගතවීමෙන් හිමිකර ගෙන තිබෙන ආසන සංඛ්‍යාව 339කි.
     
    නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගිවන විදෙස් රාජ්‍ය නායකයින් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන අතර ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඩ් කර්සායි සහ පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මහත්වරුන්ට විශේෂ ආරක්ෂක විධිවිධාන සලසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya