අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය ආරක්ෂක හමුදාවන් වෙතින් ප්‍රජා සේවා Featured

    මැයි 25, 2014

    යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ක්‍රියාත්මක 561 වැනි සහ 511 වැනි බලසේනා මඟින් මහජනතාව ඉලක්ක කරගත් වැඩසටහන් රැසක් පසුගියදා ක්‍රියාත්මක විය.


    ඒ යටතේ බිම් වෙඩි/පුද්ගලනාශක බෝම්බ සහ පුපුරා නොගිය උණ්ඩ කොටස් හඳුනාගැනීම සහ එවැනි අවස්ථාවලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේ නාගර් කෝවිල් බටහිර ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ කුඩත්තනෙයි ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි පාසල් ළමුන් සහ වැඩිහිටියන් වෙනුවෙනි, මේ සඳහා 200කට අධික පාසල් සිසුන් සහභාගි වී සිටියහ.

     

    Jaffna Soldiers Conduct more Community-Oriented Programmes


    511 වැනි බලසේනාවට අයත් විජයබාහු පාබල රෙජිමේන්තුවේ 25 බලඇණියට සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 15 වැනි බලඇණියට අයත් සෙබළුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය දා ඉරුප්පලෙයි ගුරු පුහුණු විදුහල වෙනුවෙන් ශ්‍රමදානයක් සංවිධානය කර තිබුණි. මේ ශ්‍රමදාන අවස්ථාව සඳහා පුහුණුව ලබන ගුරුවරුන් 40 දෙනෙකු සහ සෙබළුන් 32 සහභාගි වී සිටියහ.

    Jaffna Soldiers Conduct more Community-Oriented Programmes 2


    රථවාහන සහ මාර්ග නීති පිළිබඳව පාසල් දරුවන්ගේ දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙන් 4 වැනි ශ්‍රී ලංකා යුධහමුදා පොලිස් හේවා බලකාය මගින් යාපනය ශාන්ත පැට්රික් විද්‍යාලයේ සංවිධානය කරන ලද වැඩසටහන වෙනුවෙන් විදුහල්පති ජෙරෝ සෙල්වනායගම් පියතුමන්, ගුරු මණ්ඩලයේ 18 දෙනෙක් සහ පාසල් සිසුන් 620 දෙනෙක් සහභාගි වී සිටියහ.

    Jaffna Soldiers Conduct more Community-Oriented Programmes

     

    HC/PS_dmu_jaffna

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya