නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ඊයේ වැසුණු පාසල් සඳහා සෙනසුරාදා පාසල් පැවැත්වේ Featured

    නොවැම්බර් 17, 2015

    ඊයේ දිනයේ (16) වසා තැබුණු පසාල් සඳහා ලබන සෙනසුරාදා (21) පාසල් පැවැත්වීමට නියමිත බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ආර්. රවීන්ද්‍ර මහතා පවසයි.

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු පළාතේ වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය, යාපනය හා මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයේ සියළුම පාසල් ඊයේ දිනයේ වසා තැබීමට රජය තීරණය කර ක්‍රියාත්මක කළේය.

     

    උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ආර් රවීන්ද්‍ර මහතා සඳහන් කළේ, උතුරු පළාතේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවීමෙන් මාර්ග ගමනාගමනයට බාධා වීමත්, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තව දුරටත් වැසි ලැබීමත්, ඇතැම් ප්‍රදේශයන්හි පාසැල් තුළ අවතැන් පවුල් රැඳී සිටීමත් යන කරුණු සැලකිල්ලට ගෙන ඊයේ දිනයේ එම තීරණය ගත් බවය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya