මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ක්‍රමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම නොවැ. 4, 5

    නොවැම්බර් 02, 2015

    කොළඹ ක්‍රමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තෙවැනි රැස්වීම නොවැම්බර් 4 සහ 5 යන දිනවලදී කොළඹ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

    2013 ඔක්තෝබර් 21වන දින, ජිනීවා හි දී ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ පැවැති රැස්වීමේදී කොළඹ ක්‍රමයේ සභාපතිත්වය බංග්ලාදේශ රජයෙන් ශ්‍රී ලංකා රජය වෙත පැවරිණි.
     
    කොළඹ ක්‍රමය යනු ආසියානු සම්භවයේ රටවල් සඳහා කොන්ත්‍රාත් පදනම මත එතෙර රැකියාවලට යැවෙන ශ්‍රමිකයින් කළමනාකරණයට අදාළ කලාපීය උපදේශක ක්‍රමයකි.

     

    හොඳම ඇස්තමේන්තු අනුව ගත් කල සෑම වසරකම මිලියන 2.5 කට අධික ආසියානු කම්කරුවන් කොන්ත්‍රාත් පදනම යටතේ විදේශ රැකියා සඳහා පිටත්ව යති.

     

    කොළඹ ක්‍රමයේ සභාපතිනිය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය හොඳින් කළමනාකරණය වූ ශ්‍රම සංක්‍රමණ ක්‍රියාවලියක් අත්පත් කර ගැනීම සඳහා අළුත් ඉතා ඉක්මණ් පියවර ගැනීමට කටයුතු සැලසීම සම්බන්ධව මෙවර රැස්වීම් සභාවට අවධාරණය කිරීමට අපේක්ෂා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya