නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජේ. ආර්. ජයවර්ධන 19වන ගුණානුස්මරණ උත්සවය අද

    නොවැම්බර් 01, 2015

    දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 19වන ගුණානුස්මරණ උත්සවය අද (01) පෙ.ව. 11.00ට කොළඹ 07, ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

    1978 සිට 1989 දක්වා ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට ජනාධිපති ධුරය හෙබවීය. ජයවර්ධන මහතා 1977 දී ශ්‍රී ලංකා අගමැති ලෙස තෝරා පත් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වීමෙන් පසුව ඒ මහතා ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා බවට පත් විය.

     

    ජේ. ආර්. ජයවර්ධන මහතා වසර 100ක් ආයු වළඳා 1996 දී අභාවප්‍රාප්ත විය.

     

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් රැසක් සහභාගී වනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya