නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දිරා මල්වත්ත අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ධූරයට

    ඔක්තෝබර් 30, 2015

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරිය ලෙස, ඉන්දිරා මල්වත්ත මහත්මිය ඊයේ (29) එම මණ්ඩලයේදී සිය රාජකාරි කටයුතු භාරගනු ලැබුවාය. මල්වත්ත මහත්මිය, විශාඛා විද්‍යාලයේ හා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්ද වන අතර, ලෝක බැංකුව හා ජිනීවා හි ජාත්‍යන්තර වෙළඳ කොමිසම මෙන්ම ජෙට්රෝ වැනි ආයතන මෙරට රජය සමඟ ක්‍රියාත්මක කළ අපනයන ව්‍යාපෘති වල ව්‍යාපෘති සම්බන්ධීකාරක වරියක් මෙන්ම උපදේශිකාවක් ලෙසද මීට ඉහත සේවය කළාය.


    ඊට අමතරව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිෂ්පාදන කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කලක් කටයුතු කළ ඇය, අපනයන ක්ෂේත්‍රයට අදාල කර්මාන්ත, කෘෂිකර්ම හා සේවා අංශ පිළිබඳ ප්‍රාමාණික දැනුමකින් හෙබි නිලධාරිනියකි. දේශීය හා විදේශීය වශයෙන් අපනයන ක්ෂේත්‍රයේ අත්දැකීම් ලද නිලධාරිනියක වන මල්වත්ත මහත්මිය, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘති වලට ප්‍රමුඛත්වයක් ලබාදෙමින්, ආර්ථිකය දියුණු කිරීමේ රජයේ සැලසුම් ඉදිරියට ගෙනයාමට තරම් හැකියාවක් හා පළපුරුද්දක් ඇති කාන්තාවකි.


    රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් චාම් උත්සවයක් පැවති අතර නව සභාපති සහ ප්‍රධාන විධායක ඉන්දිරා මල්වත්ත මහත්මිය මෙහිදී පැවසුවේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට අපනයන ජාත්‍යන්තර මට්ටමට ප්‍රවර්ධනය කිරීම බවයි. එමෙන්ම තම ගැඹුරු අත්දැකීම් හා පළපුරුද්ද යොදා ගනිමින් මෙරට අපනයන අංශය දියුණු කිරීමට සාධනීය දායකත්වයක් සැපයීමට තමාට හැකියාව ඇතැයි ද ඇය පැවසුවාය. ඒ සඳහා සියළු අපනයනකරුවන් සක්‍රියව සම්බන්ධ කර ගනිමින්, නව දැක්මකින් හා ජවයකින් යුතුව අපනයන සංවර්ධන මණ්ඩලයේ කණ්ඩායමක් ද සමඟ ක්‍රියාත්මක වීමට තමාට ලැබුණු අවස්ථාව පිළිබඳ තමා සතුටු වන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.


    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශ ලේකම්, චාන්දනී විජේවර්ධන, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්, හිමාලි ජිනදාස, විධායක අධ්‍යක්ෂ, ආචාර්ය යූසුෆ් කේ.මරික්කාර්, අධ්‍යක්ෂවරුන් හා අංශ ප්‍රධානීන්ද, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු වූ, එස්.කුලතුංග මහතාද, අපනයන සහ වාණිජ මණ්ඩල නියෝජනය කරමින් නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya