අදට යෙදී තිබෙන ලෝක ආඝාත දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී වෛද්‍ය උදය රණවක මහතා මේ බව අනාවරණය කළේය. මෙවර ලෝක ආඝාත දිනයේ තේමාව වන්නේ “I am Woman-stroke affects me-stroke affects everyone“ යන්නයි.
“ලෝක ජනගහණයෙන් හයෙන් එකකට ආඝාත රෝග තත්වය සෑදි තිබෙනවා. ලෝක ජනගහනයෙන් තත්පර දෙකකට වරක් පුද්ගලයෙකුට ආඝාත රෝගය වැළඳෙනවා. තත්පර 6කට වරක් පුද්ගලයෙකු ආඝාත රෝගයෙන් මිය යනවා. ආඝාත රෝගයෙන් මිය යන්නන් අතර කාන්තාවන් මිය යෑමේ සම්භාවිතාව ඉහළ යි.
පුද්ගලයෙකු මරණයට පත්වන ප්‍රධාන රෝගයන් අතර දෙවන රෝගය වන්නේ ආඝාත රෝගයයි. පළමු රෝගය වන්නේ හෘද රෝගයයි. ලෝකයේ පුද්ගලයන් ආබාධිත තත්වයට පත් කරන ප්‍රධාන රෝගය වන්නේ ආඝාතය යි. ඉලක්කගත ඉක්මණ් ප්‍රතිකාර මඟින් ආඝාතයෙන් අහිමි වන මරණ සංඛ්‍යාව අඩු කරගත හැකියි.
මේ වනවිට දිවයින පුරා ලෝක අඝාත දිනියට සමඟාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ආඝාත රෝගය පිළබඳව දැනුවත් කෙරෙන FAST තේමාව යටතේ පෝස්ටරයක් රට පුරා බෙදා හැරීමට කටයුතු කරනවා“ යැයි විශේෂඥ වෛද්‍ය උදය රණවක මහතා සඳහන් කළේය.
මේ වනවිට දිවයිනේ ඇත්තේ ආඝාත ප්‍රතිකාර ඒකක 7ක් පමණක් බවත් එය ප්‍රමාණවත් නොවන බවත් පැවසූ ඒ මහතා මේ වනවිට මඩකළපුව, පොළොන්නරුව, මාතර දිස්ත්‍රික්ක ආවරණය කරමින් නව ප්‍රතිකාර ඒකක 3ක් ආරම්භ කරන බවද පැවසීය.
මේ අවස්ථාවේ දී FAST තේමාව යටතේ නිර්මාණය කරන ලද පෝස්ටරය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත පිළිගැන්වූ අතර ‘ශ්‍රී ලංකා ස්ට්‍රෝක් ක්ලිනිකල් රෙජිස්ට්‍රි‘ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම ද සිදු කළේය.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මි පෙරේරා, ජාතික රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.
PR