අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය කොන්සල් කාර්යාලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී

    මැයි 24, 2014
    බටහිර ඇෆ්ගනිස්තානයේ, හෙරාට් ප්‍රාන්තයේ ඉන්දීය කොන්සල් කාර්යාලයට සිකුරාදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ‍තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් එල්ල කරමින් සිදු කළ මෙම ත්‍රස්ත ප්‍රහාරය ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රබල අවධානයට යොමු විය යුතු බව විදේශ කටයුතු අමාත්‍යංශය සිය නිවේදනයේ සඳහන් වේ. 
     
    ඉන්දීය තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් එම කාර්යමණ්ඩලයේ කිසිවකුටත් අනතුරක් සිදු නොවීම වාසනාවක් ලෙස සලකන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya