මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    LLRC නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇරඹේ Featured

    මැයි 23, 2014
    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශය සලකා බලමින් අදියර දෙකක් යටතේ විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කටයුතු රජය මේ වන විට ආරම්භ කොට ඇත. 
     
    ඒ අනුව පළමු අදියර යටතේ වවුනියා ගාමිණි විද්‍යාලය අදාළ දිස්ත්‍රික්කයේ පදිංචි සිංහල සිසුන්ට ස්වකීය මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට පහසුවන පරිදි ජාතික පාසලක් බවට පත් කිරීමට කටයුතු කෙරේ. 
     
    වවුනියාව බෝගස්වැව විද්‍යාලය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම සඳහා 2014 අයවැය හරහා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කරන ලද මුදලින් රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කෙරේ.  මේ යටතේ මෙම පාසල සඳහා දෙමහල් ගොඩනැගිල්ලක් ලබාදීම සහ අනෙකුත් යටිතල පහසුකම් සැපයීමට නියමිතය. 
     
    මෙහි දෙවැනි අදියර යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ සිංහල හා දෙමළ සිසුන්ට එක් විදුහලක ඉගෙනීමට හැකි වන පරිදි 2015 වසර වන විට ත්‍රෛභාෂා පාසලක් ආරම්භ කර සංවර්ධනය කිරීමටත් අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කොට ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya