මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේද උපකරණ ආයුර්වේද සංරක්ෂණ සභාවලට බෙදාදීම

    මැයි 23, 2014

    ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිෂ්පාදනය කරනු ලැබූ ආයුර්වේද උපකරණ, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආයුර්වේද සංරක්ෂණ සභා වෙත ප්‍රදානය කිරීම තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය‍ පාඨලී චම්පික රණවක මහතාගේ සුරතින් දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු සාලින්ද දිසානායක මහතා වෙත පිළිගැන්වීම ඒකල කර්මාන්තපුර ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී ඊයේ (22) සිදු කෙරුණි.

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය රටේ ජාතික වැදගත්කමකින් යුත් සිවිල් ඉංජිනේරු, කෘෂි ඉංජිනේරු සහ පසු අස්වනු තාක්ෂණ, පුනර්ජනන බලශක්ති, බලශක්ති හා පාරිසරික කළමනාකරණ, විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, සුපිරි නිමවුම් අංශය වැනි අංශ රාශියකින් යුත් ඉංජිනේරුමය පර්යේෂණ සඳහා දායකත්වය ලබාදෙන ප්‍රමුඛතම ආයතනයකි.


    නවෝත්පාදන ආර්ථීකයක් කරා යන ගමනේදී දේශීය කර්මාන්ත නඟාසිටුවීම සඳහා නිබඳවම ඇප කැප වී සිටින තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දිරිගැන්වීම යටතේ සාර්ථක ලෙස ආයුර්වේද උපකරණ ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිෂ්පාදනය කරනු ලැබ තිබේ.

    ayur equip 1

    ayur equip 2

    ayur equip 3

    ayur equip 4

    ayur equip 5

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya