නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපවාසයේ සිටි සිරකරුවන්ගේ නඩු කටයුතු කඩිනම් කිරීමට පියවර

    ඔක්තෝබර් 16, 2015

    දැනට උපවාසයක් ආරම්භ කර තිබෙන බන්ධනාගාරගත එල් .ටි. ටි .සිරකරුවන් හමු වී ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කර විසඳුමක් ලබාදිම සඳහා ජනාධිපතිතුමා හා අගමැතිතුමා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව ඊයේ බොරැල්ල මැගසින් බන්ධනාගාරයට ගිය අධිකරණ අමාත්‍යවරයා, ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, සොලිසිටර් ජනරාල් සුහද ගමලත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර යන මහත්ම මහත්මින් යන පිරිස රැඳවියන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

     

    රැඳවියන් සමඟ සාකච්ඡා කළ අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඔවුන්ගේ නඩු කටයුතු කඩිනම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ඉතා කඩිනමින් විසඳුම් ලබාදිමට කටයුතු කරන බව සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya