මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූපත් ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා සැලැස්මක් පිළියෙල කිරීම වැදගත්

    මැයි 22, 2014

    දූපත් ජෛව විවිධත්ව කළමනාකරණ සැලැස්මක් තුළින් දූපත් ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා සැලැස්මක් පිළියෙල කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කරගැනීමට හැකි වන බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (22) පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ 'සප්ත පරිසර මණ්ඩපයේදී' පැවති අන්තර්ජාතික ජෛව විවිධත්ව දින සැමරීමේ උත්සවයට එක් වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ වසරේ අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනයේ තේමාව "දූපත් ජෛව විවිධත්වය" ලෙස නම් කර තිබීම දූපතක වෙසෙන ශ්‍රී ලාංකීය අපට ඉතාම වැදගත් වන බව පැවසීය. එසේම මෙම දූපත් ජෛව විවිධත්වය රැකගැනීම සඳහා දූපත් ජෛව විවිධත්ව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා ජනාවාස පවතින දූපත්වල ජනතාව එම දූපත්වල ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා ඵලදායී ලෙස සහභාගී කරවා ගැනීමද වැදගත් වන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.


    රටක් වශයෙන් සංවර්ධන ඉලක්ක කරා වේගයෙන් ගමන් කරන යුගයක සිටින අප එහිදි පරිසරය හා සංවර්ධනය තුලනාත්මකව පවත්වා ගැනීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය. වර්තමාන සමාජ ආර්ථික පසුබිම යටතේ දූපත් ජෛව විවිධත්වයට විවිධ තර්ජන එල්ලවී ඇති බව පැහැදිලිව දක්නට ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙයින් ප්‍රධාන ස්ථානයක් ගන්නේ දේශගුණික විපර්යාස බව ද පැවසීය. සාගර ජල මට්ටම ඉහළයාම කුඩා දිවයින් ලෝක සිතියමෙන් මකා දැමීමට තරම් ප්‍රබලවී ඇත. එසේම දූපත් ආශ්‍රිතව පවතින කොරල් පර, කඩොලාන වැනි සුවිශේෂීය පරිසර පද්ධති කෙරෙහිද මෙම තත්ත්වය අහිතකර ලෙස බලපාන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ ආකාරයටම ආගන්තුක ආක්‍රමණකාරි ජීවීන්ගේ ව්‍යාප්තිය, අවිධිමත් කසල බැහැරලීම්, පරිසර දුෂණය ආදියද දූපත් ජෛව විවිධත්වය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරන බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වැඩපිළිවෙළවල් රාශියක් මේ වන විට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකව පවතින බවද පැවසීය.
     

    මේ වසරේ සැමරුම් උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් එළි දැක්වීම හා 'ජෛව විවිධත්වය' පෝස්ටර් තරගයේ ජයග්‍රාහකයින්හට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය ද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු විය.


    පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ (ජෛව විවිධත්ව අංශය) ආර්.එච්.එම්.පී. අබේකෝන්, තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති (බස්නාහිර පළාත) චිත්‍රා ගුණසේකර, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාසත්ත්ව විද්‍යාඥ හා සත්ත්ව වර්ගීකරණ විද්‍යාඥ කැලුම් මනමේන්ද්‍ර  යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා ත්‍යාගලාභීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ECB

    2

    5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya