මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ජනතාවට ලේ පයින්ට් 13,200ක් රණ විරුවන් දැනට ලබාදී තිබෙනවා

    මැයි 22, 2014
    උතුරේ ජීවත්වන ද්‍රවිඩ ජනතාවගේ ශරීරයේ ඇත්තෙත් රණ විරු රුධිරය බවත් ඒ සම්බන්ධයෙන් තමන් ආඩම්බරයට පත්වන බවත් ආරක්ෂක හා නාගරික සංවර්ධන මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (22) එම මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    උතුරු ප්‍රදේශයේ සංවිධානය කරනු ලබන දේ දන්දීමේ කඳවුරු සඳහා ආරක්ෂක අංශ විසින් එරෙහි වන බවට විවිධ මාධ්‍ය මඟින් වාර්තාකර තිබූණද එම ප්‍රකාශයන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බව පෙන්වාදෙන වනිගසූරිය මහතා විටින් විට උතුරු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කරන ලද බවද පෙන්වා දුන්නේය. 
     
    පසුගිය වසර 2ක කාලය තුළ යුධ හමුදාව විසින් ලේ පයින්ට් 10,000ක්, නාවික හමුදාව විසින් පයින්ට් 2,000ක් සහ ගුවන් හමුදාව විසින් ලේ පයින්ට් 1,200ක් වශයෙන් ලබා දී ඇත.
     
    සියලුම රණ විරුවන්ගේ රුධිරය සම්බන්ධයෙන් වන තොරතුරු මේ වන විට පරිගණකගත කොට ඇති බවත් ඒ හරහා ඉදිරියේ දී සොයා ගැනීමට අපහසු වර්ගයේ ලේ වුවද ඉතා ඉක්මනින් ලබාගැනීමේ පහසුකම් ඇති බවත් පෙන්වා දුන්නේය. 
     
    ආරක්ෂක නිලධාරීන් පසුගිය කාලයේ දී පරිත්‍යාග කළ රුධිර ප්‍රමාණයන් හරහා උතුරු ප්‍රදේශයේ රෝගීන් රැසකගේ ජීවිත බේරාගත හැකි වූ බවත් උතුරේ ජනතාවගේ ශරීර තුළ මේ වන විට ආරක්ෂක නිලධාරීන්ගේ රුධිරය ගලාගෙන යාම සතුටට කරුණක් බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya