ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, ධීවර අමාත්‍යවරයා බවට පත්වීමෙන් පසුව ප‍්‍රථම වරට 2010 දී ඕස්ටේ‍්‍රලියාවේ පැවැති ජාත්‍යන්තර ටූනා සමුළුවට සහාභාගී විය. එහිදී ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද සියලු චෝදනාවලට අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය. අමාත්‍යවරයාගේ ආරාධනයෙන් ශී‍්‍ර ලංකාවේ ධීවර කර්මාන්තය නීත්‍යනුකූලව හා ජාත්‍යන්තර ප‍්‍රමිතින්ට අනුව නිවැරදි අකාරයට පැවැත්වෙන්නේ දැයි නිරීක්‍ෂණය කිරීමට ඉන්දියානු සාගර ටූනා කොමිසමේ (I0TC) එවකට විධායක ලේකම් අල්හැන්ඩ්‍රෝ අන්ගනුෂි මහතා මෙරටට පැමිණියේය. අමාත්‍යවරයා හා අමාත්‍යාංශය ඉදිරිපත් කරන ලද කරුණු සත්‍ය බව සියැසින්ම දුටු බවත්, ඒ පිළිබඳව ප‍්‍රශංසාව පළ කළ ඒ මහතාගෙන් මීළඟ ටූනා ජාත්‍යන්තර සමුළුව ශී‍්‍ර ලංකාවේ පවත්වන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කරන ලද ඉල්ලීම සලකා බලා එම අවස්ථාව 2011දී ශ‍්‍රී ලංකාවට ලබා දුන් බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දියානු සාගර ටූනා කොමිසම අන්තර් රාජ්‍ය සංවිධානයක් වන අතර එය ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 14 වැනි වගන්තිය යටතේ 1980 දී පිහිටුවන ලද්දකි. මෙම සංවිධානය මඟින් සිදු කෙරෙනුයේ ඉන්දියානු සාගරයේ පවතින ටූනා වර්ගයේ මත්ස්‍ය සම්පත කළමනාකරණය කරමින් ආරක්‍ෂා කිරීමයි. මෙවර සැසිවාරය සඳහා සාමාජික රටවල් 31ක විදේශීය නියෝජිතයන් 250ක් පමණ සහභාගි වීමට නියමිතය.
ඉන්දියානු සාගරය ආශ‍්‍රිතව මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ඕස්ටේ‍්‍රලියාව, බෙලීස්, චීනය, කොමොරොස්, එරිත‍්‍රියා, යුරෝපීය ප‍්‍රජාව, ප‍්‍රංශය, ගුන්යාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ජපානය, කෙන්යාව, කොරියාව, මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින, මොරිසස්, මොසැම්බික්, ඕමානය, පකිස්තානය, පිලිපීනය, සී ෂෙල්ස්, සියෙරා ලියොන්, සුඩානය, ශ‍්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් රාජධානිය, වනුඅටු සහ යේමනය ඉන්දියානු සාගර ටූනා කොමිසමේ සාමාජිකයන් වන අතර සෙනගල්, දකුණු අප‍්‍රිකාව සහ උරුගුවේ රාජ්‍යයන්ට ද මෙහි ඡන්ද බලය හිමිව පවතී.
ඉන්දියානු සාගර ටූනා කොමිසමේ උපදේශක කමිටුවේ උප සභාපති ධූරය ද දරන ශ‍්‍රී ලංකාව මෙහි ආරම්භක සාමාජිකයෙකි. ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ ප‍්‍රගතිදායක තත්ත්වය නිසාම දෙවන වරටත් එහි ජාත්‍යන්තර සැසිවාරය පැවැත්වීමට ශ‍්‍රී ලංකාව තෝරාගෙන තිබේ.
70 දශකයේ සිට කාර්මික ධීවර යාත‍්‍රා කටයුතුවල ශීඝ‍්‍ර සංවර්ධනයක් ඇති විය. මේ නිසා ටූනා මත්ස්‍ය සම්පත් වෙත විශාල පීඩනයක් ඇති වූ අතර මත්ස්‍ය තොග විද්‍යානුකූලව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව මේ නිසා පැන නැගුණි. මේ නිසා ඉන්දියානු සාගර මත්ස්‍ය සම්පත් කළමනාකරණය සඳහා විද්‍යාත්මක පදනමක් සකස් කිරීමට 1980 මැද භාගයේදී කොළඹදී I0TCක් ආයතනය පිහිටුවන ලැබීය. පසුව එය 1996 දී I0TC ව්‍යාපෘතියක් ලෙස සී ෂෙල්ස්හිදී පිහිටුවනු ලැබීය. මෙහි සමස්ත සාමාජික රටවල් සංඛ්‍යාව 31කි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා පැවසුවේ, ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නුවර පැවැත්වුණු ඉන්දියානු සාගර ටූනා කොමිසමේ ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීමේදී දැන ගන්නට ලැබුණේ 2010 වසරට පෙර වසර 4ක කාලයක් ශ්‍රී ලංකාව මේ ජාත්‍යන්තර සමුළුවට සහභාගි වී නොමැති බවයි. ඒ නිසා 2010 සමුළුවේදී මෙරටට විරුද්ධව චෝදනා රැසක් ඉදිරිපත් කෙරිණි. එනම් නීති විරෝධී ආම්පන්න භාවිත කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන බව, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍ය, අපි‍්‍රකාව ආශි‍්‍රත මුහුදු සීමා නීතිවිරෝධී ලෙස ආක‍්‍රමණය කරමින් මසුන් අල්ලන බව, ලියාපදිංචි නො වූ යාත‍්‍රා ධීවර කර්මාන්තයට යොදවන බවත් වාර්තා නොවන ආකාරයට අක‍්‍රමවත් ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙන බවත් දිගින් දිගටම එල්ල කරන ලද චෝදනා එල්ල වේ. නමුත් එයට පිළිතුරු දෙන්න අපේ රටේ කිසිම නියෝජිතයෙක් එම වසර 4 තුළ එම සමුළුවට සහභාගී වී නැහැ. මේ සමුළුවට සහභාගි වීම නිසා අපේ ධීවර කර්මාන්තයට ජාත්‍යන්තරව සිදු වීමට තිබු විශාලතම අනතුර හෙවත් යුරෝපීය සමාජයේ බලපත‍්‍ර සහතිකය අවලංගු කිරීමේ අවදානමෙන් ධීවර කර්මාන්තය ආරක්ෂා කර ගැනිමටත් හැකි වී බව අමාත්‍යවරයා පැවසීය.
මේ චෝදනා පිළිබඳව සොයා බැලීමේදී නීතිවිරෝධී, වාර්තා නොවන හා නියාමනය නොවන ආකාරයට ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ නැති බව, ඒ අනුව ශී‍්‍ර ලංකාවේ ධීවර කාර්මිකයන් මෙන්ම ධීවර යාත‍්‍රා සියල්ලම නිසි ලෙස ලියාපදිංචි කර තිබෙන බවත් ධීවර කාර්මිකයන් නීතිවිරෝධී ආම්පන්න භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නොයෙදෙන බවත්, එසේ නීතිවිරෝධී ආම්පන්න භාවිත කරන්නන් ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා මඟින් අත්අඩංගුවට ගන්නා බව හා අප දැනටමත් යාත‍්‍රා සුපරීක්ෂණයට පද්ධතියක් භාවිත කිරීම සඳහා කටයුතු සම්පාදනය කර තිබෙන බවත් තහවුරු විය.
ධීවර කාර්මිකයන් රක්ෂණය කර තිබෙන බවත්, ඔවුන්ගේ පවුල් ආරක්ෂා කිරීම සඳහා සුබසාධන වැඩ කටයුතු ක‍්‍රියාත්මක වන බවත් ධීවර ක්ෂේත‍්‍රයේ සංවර්ධනය උදෙසා 1992 අංක 02 දරන ධීවර පනත සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවත්, ධීවර කර්මාන්තය විධිමත් කිරීමට ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව හා I0TC නීතිවලට අනුව සකස් කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙන බවත් තහවුරු වූ නිසා අපගේ ඉල්ලීමට අනුව 16 වැනි ජාත්‍යන්තර ටූනා මත්ස්‍ය සමුළුව 2011 වසරේ මාර්තු මස මෙරට පැවැත්වීමට අවස්ථාව ලබා දුනි.
ගෙවී ගිය වසර 3 තුළ ධීවර ක්ෂේත‍්‍රයේ විශාල වෙනස්කම් රැසක් ම සිදු ව ඇත. එමෙන්ම ධීවර දෙපාර්තමේන්තු පනත සංශෝධනය කර දැනටමත් එහි ප‍්‍රතිපාදන ක‍්‍රියාත්මක කර තිබෙන නිසාම දෙවෙනි වතාවටත් 18 වැනි ජාත්‍යන්තර ටූනා කොමිසමේ සමුළු වාරය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නැවතත් අවස්ථාව ලබා දී ඇති බවත් එය අපේ රටත් ජනාධිපතිතුමාගේ මහින්ද චින්තනයත් ලැබූ ජයග‍්‍රහණයක් ලෙස හැඳින්විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
NDH