මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදිකුම්බා ශාකය කොළඹ ආක්‍රමණය කරයි?

    මැයි 22, 2014
    සියලු වගාවන්ට බරපතළ හානි කරන ආක්‍රමණශීලි ශාකයක් ලෙස ලංකාවේ හම්බන්තොට වැනි ප්‍රදේශවල ව්‍යාප්තව ඇති යෝධ නිදිකුම්බා ශාකය කොළඹ දිස්ත්‍රික්කයේ ද ව්‍යාප්ත වන්නට පටන් ගෙන ඇතැයි පැළෑටි වෛරස් හඳුනාගැනීමේ ඒකකයේ අධ්‍යක්ෂ වින්ධ්‍යා බස්නායක මහත්මිය පැවසුවාය.
     
    ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.
     

    මෙම ආක්‍රමණශීලි ශාකය මේ වන විට කඩුවෙල, මාලබේ ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතින බවත් මෙම ශාකයේ බීජ ජලය සමග පාවී ගොස් කැලණි ගඟ ආශ්‍රිත කොළොන්නාව වැනි ප්‍රදේශවල ද ව්‍යාප්ත වන්නට පටන් ගෙන ඇති බවත් සඳහන් කළ බස්නායක මහත්මිය මෙම ශාකයේ බීජ වසර 50ක් වැනි කාලයක් නොනැසී පවතින බැවින් එය මර්ධනය කිරීම ඉතා අපහසු බවත් පැවසුවාය.

    යෝධ නිදිකුම්බා ආහාරයට ගැනීමෙන් ගවයන් මිය යන බවත් මේ නිසා මෙම ශාකයේ ව්‍යාප්තිය විශාල ගැටලුවක් වන බවත් දිස්ත්‍රික් පශු වෛද්‍ය එස්. ද ලිවේරා මහත්මිය ද මෙහිදී පැවසුවාය.

    මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශවලට නියෝග කළ කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා දැනට මෙම ශාකය ව්‍යාප්ත වන ප්‍රදේශ පිළිබඳ කඩිනමින් සොයා බලා අදාළ අංශ දැනුවත් කරන ලෙසද දැනුම් දුන්නේය.

    ඉදිරියේ දී මෙම ගැටලුකාරී තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග තමා වෙත වාර්තා කරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා කෘෂිකර්ම කමිටුවට දැන්වීය.

    මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරු, කෘෂිකර්ම නිලධාරින්, ගොවීජන සංවර්ධන නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    DB/JM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya