අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන් වූවන් පිළිබඳ කොමිසම වෙබ් අඩවිය එළි දක්වයි Featured

    මැයි 22, 2014

    අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ නිල වෙබ් අඩවිය ඉකුත් සඳුදා කොළඹ 06 පිහිටි කොමිෂන් සභා කාර්යාලයේ දී එළි දැක්වුණි.


    එම වෙබ් අඩවියට www.pcicmp.lk වෙබ් ලිපිනය ඔස්සේ පිවිසිය හැකියි.


    වෙබ් අඩවිය එළි දැක්වීමේ දී මාධ්‍ය අමතමින් කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේ, වෙබ් අඩවිය දියත් කිරීමෙන් කොමිසමේ කාර්යභාරයේ ස්වාධීනත්වය හා විනිවිදභාවය ඉහළ නැංවෙනු ඇති බවත් එතුළින් ජනතාවට වඩාත් හොඳින් තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවත් ය.


    “කොමිසම සැමවිට ස්වාධීනව හා විනිවිදභාවයෙන් කටයුතු කළා. කොමිසමේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කරමින් මහජනතාව අතර විශ්වාස ඇති කිරීම හා කොමිසමේ කාර්යභාරයේ දිශාව නිවැරදි කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීම වැදගත්“ යයි පරණගම මහතා කියා සිටියේ ය.


    වෙබ් අඩවිය තුළින් ත්‍රෛභාෂාවෙන් තොරතුරු ලබා ගැනීම, අන්තර්ජාලය හරහා කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීම හා පැමිණිලි කිරීමේ අයදුම්පත් භාගත කර ගැනීමේ පහසුකම් මහජනතාවට හිමි වේ. ලැබුණු පැමිණිලිවල ප්‍රගතිය පිළිබඳ තොරතුරු, මහජන හමු පැවැත්වෙන දින, පැමිණිලි කිරීමේ පටිපාටිය, ගැසට් නිවේදන සහ ප්‍රශ්න හා පිළිතුරු අංශයක් වෙබ් අඩවියට ඇතුළත් වේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya