මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින හරහා නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයන් ස්ථාපනය වෙනවා Featured

    මැයි 22, 2014

    දිවයින හරහා නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයන් ස්ථාපනය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (22) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් උදය කාලයේ දී දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වේ.


    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.


    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට තරමක තද සුළං ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවලද වැසි ඇති වන විට තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව නුවරඑළිය, මහනුවර, කොළඹ, රත්නපුර හා ගාල්ලට විටින් විට වැසි ඇතිවේ. මඩකළපුවට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. යාපනය, අනුරාධපුරය, ත්‍රිකුණාමලය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya