අභිනවයෙන් පත් වූ පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වෙත සුබ පැතුම් ප්‍රකාශ කළ තානාපති කෙනිචි සුගනුමා මහතා ඇතුළු දූත පිරිස මැතිවරණයට පෙර අමාත්‍යවරයාගේ ජපාන සංචාරය පිළිබඳව ද ස්තූතිය පළ කළේය.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ශක්තිමත් සබඳතාවක් පවතින බවත් ඉදිරියටත් ශ්‍රී ලංකාව හා සමඟ එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජපානයේ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ, ජාත්‍යන්තර සබඳතා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Yasuo Sakamoto මහතා පැවසීය.
ජපන් ඩිජිටල් විකාශන පද්ධතියක් මෙරට ස්ථාපිත කිරීම සම්බන්ධ ව්‍යාපෘති වාර්තාවක් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වෙත භාරදුන් නියෝජ්‍ය අමාත්‍ය Yasuo Sakamoto මහතා මෙම ව්‍යාපෘතිය හුදු තොරතුරු හා සන්නිවේදන හුවමාරු ව්‍යාපෘතියක් පමණක් නොව දෙරට අතර පවතින මිත්‍රත්වයේ සංකේතයක් වනු ඇතැ යි ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාපෘතිය අධ්‍යයනය කර ඒ පිළිබඳව ඉදිරියට සාකච්ඡා මෙහෙයවීමෙන් පසුව එම ජපන් ඩිජිටල් විකාශන පද්ධතිය ස්ථාපිත කිරීම පිළිබඳව තීරණයක් ලබා දෙන්නට ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එකඟ විය.
සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා සහ ජපන් තානාපතිවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්. වජිර නාරම්පනාව මහතා, ජාත්‍යන්තර ආර්ථික කටයුතු අංශෙය් ගෝලීය තොරතුරු තාක්ෂණ ක්‍රමෝපාය කාර්යාංශය සඳහා අධ්‍යක්ෂ Norifumi Yamguchi මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
SDF