නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපරීම මාධ්‍ය නිදහස ලබාදී තිබෙනවා - ඇමැති ගයන්ත කරුණාතිලක

    සැප්තැම්බර් 10, 2015

    මේ වන විට උපරීම මාධ්‍ය නිදහසක් ලබා දී තිබෙන අතර සාධාරණ අපක්ෂපාතී ලෙස මාධ්‍ය ආයතන මාධ්‍ය හැසිරවීම සිදු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීමෙන් පසු අමාත්‍යාංශයේදී අද (10) ඒ මහතා වැඩභාර ගත් අතර පසුව පැවති උත්සවයේදී මේ බව සඳහන් කළේය.

    පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් සත්‍ය වාර්තාකරණ ලෙස මාධ්‍යයෙන් ඒ මහතා ඉල්ලා සිටි අතර මාධ්‍යවේදීන්ට පුහුණු කටයුතු සිදු කිරීමේ ස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.

    මාධ්‍යවේදීන්ට බදු රහිත යතුරු පැදි ලබාදීම සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා තිබෙන බවත් මාධ්‍යවේදීන් සඳහා ක්‍රියාත්මක කෙරෙන නිවාස ව්‍යාපෘතියේ කැබිනට් අනුමැතිය මත සැලසුම් ඇස්තමේන්තු සකස් කිරීම ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යරයා සඳහන් කළේය.

    ජාතික චිත්‍රපට සංස්ථාව තුළ ද කලාකරුවන් සඳහා ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතුවලට අමතරව නව පාර්ලිමේන්තු සංස්කෘතියක් ගොඩනැගීමේ කාර්ය භාරයක් ඉටු කිරීමට තිබෙන බවත් කරුණාතිලක මහතා පෙන්වා දුන්නේය.

    පසුගිය දින 100 වැඩපිළිවෙළ තුළ මාධ්‍ය තුළ විශාල වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට හැකි වූ බවත් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් නව දේශපාලන සංස්කෘතියක් ඇති කර විසඳුම් නොතිබුණු ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කටයුතු කර ඒකාබද්ධ ආණ්ඩුවක් හදා තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

    වැඩ කිරීමේදී කිසිදු පක්ෂ භේදයෙන් අවශ්‍ය නැති බවත් මාධ්‍යවේදීන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya