මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම සිට හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි

    මැයි 21, 2014

    අද (21) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැයට කි.මී. 20-40ක් පමණ වේ.


    මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya