අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ධීවර සහයෝගිතාව වර්ධනය කර ගැනීමට පියවර Featured

    මැයි 21, 2014

    ශ‍්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ධීවර ක්‍ෂේත‍්‍රයේ සහයෝගිතාව වර්ධනය කර ගැනීම සඳහා ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ බවත් නෙදර්ලන්ත ආයෝජකයන් රැසක් ශ‍්‍රී ලංකාවේ ධීවර ක්‍ෂේත‍්‍රයේ ආයෝජනය සඳහා කැමැත්ත පළ කළ බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා නෙදර්ලන්තයේ කළ සංචාරයෙන් අනතුරුව ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීය.


    අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා නෙදර්ලන්තයේ හේග් නුවර පැවති "ආහාර සුරක්‍ෂිතාව හා නීල සාගර සංවර්ධනය පිළිබඳ විශ්ව සාගර ක‍්‍රියාකාරී සමුළුව" සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. නෙදර්ලන්ත රජය සමඟ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා ලෝක බැංකුව ඒකාබද්ධව මෙම සමුළුව සංවිධානය කර තිබුණි. මෙම සමුළුව සඳහා රටවල් 100ක පමණ අමාත්‍යවරු 80ක් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි ඉහළ නිලධාරි 600කට අධික පිරිසක් සහභාගී වූහ.


    මේ සමුළුවේදී සාගර සෞඛ්‍ය, විශ්ව ආහාර සුරක්‍ෂිතතාව හා ආර්ථික සංවර්ධනය ආශ‍්‍රිත සහයෝගිතාව වර්ධනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරනු ලැබීය. මේ මඟින් අනාගතය හමුවේ පවතින දේශගුණික වෙනස්කම්, වායු දූෂණය, සාගර දූෂණය නිසා සාගර මත්ස්‍ය සම්පතට සිදුවන හානිය ආශ‍්‍රිත අභියෝග ජයගැනීම ප‍්‍රධාන තේමාව විය.


    මෙම සමුළුවට සහභාගී වූ අමාත්‍යවරුන් හා ඉහළ නිලධාරීන් සමඟ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ධීවර කටයුතු හා සාගර සම්පත් සුරක්‍ෂිතතාව පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය. එසේම නෙදර්ලන්ත ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ, එක්සත් ජාතින්ගේ ධීවර සංවර්ධන පොදු අරමුදලේ නිලධාරීන් සමඟ ද සාකච්ඡා කළේය.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "අද ධීවර ක්‍ෂේත‍්‍රය හමුවේ පවතින ප‍්‍රධානම අභියෝගයක් වන්නේ කාලගුණික විෂමතාවන්, සාගර දූෂණය, මත්ස්‍ය සම්පත විනාශ කිරීම ආශ‍්‍රිත තත්ත්වයනුයි. මේ තත්ත්වයන් මුළු ලෝකය පුරාම සාගර සම්පත ඇසුරේ පවතිනවා. ඒ නිසා සාගරය ආරක්‍ෂා කර ගනිමින්, ඒ නිල් සාගරය හරහා ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීමටත් ආහාර සුරක්‍ෂිතතාව ඇති කර ගැනීමටත් කටයුතු කළ යුතුයි. ඒ පිළිබඳව මෙම සමුළුවේදී අවධානය යොමු කෙරුණි. ධීවර කර්මාන්තයේ යෙදෙන රටක් වශයෙන් මේ පිළිබඳ වගකීමක් අපටත් පැවරෙනවා. ඒ වගේම නවීන තාක්‍ෂණය භාවිත කරමින් ධීවර කර්මාන්තයේ ප‍්‍රගතියන් ඇති කරන්නටත් ඒ තුළින් ආයෝජන අවස්ථා වැඩි කර ගන්නටත් සමුළුවේදී සාකච්ඡා කළා. ඒවා සාර්ථක වුණා" යැයි පැවසීය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya