ගෝලීය තර්ජන අභියස ජාතික ආරක්ෂාව ( National Security in the Context of Emerging Global Threats) යන මාතෘකාව යටතේ දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂක විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.
මෙම සමුළුවේ දී ආරක්ෂාව පිළිබඳ ව හා විශේෂඥ උපදේශනාත්මක දැනුම හුවමාරු කරගැනීමට නියමිතය. මෙහිදී ජාතික, කලාපීය හා ගෝලීය ආරක්ෂාවට අදාළ කරුණු ආශ්‍ර යෙන් ස්ථාවර වටපිටාවක් ගොඩනගා ගැනීමට අදාළ ජාතික සහ ජාත්‍යන්තර තලයේ විසඳුම් ද සාකච්ඡාවට භාජනය කෙරේ.
යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත පස්වන වරටත් සංවිධානය කරනු ලබන මෙම ආරක්ෂක සමුළුවේ දී ආරාධිත සම්පත් දායකයින් විසි දෙනෙකු පමණ ත්‍රස්තවාදය හා ජාතික ආරක්ෂාවට අදාළ විවිධ තර්ජන ආශ්‍රිතව වූ ප්‍රධාන තේමාවන් යටතේ දේශන පැවැත්වීමට නියමිතය.
DB