පසුගිය 17 වන දින පැවති මහමැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරග කළ රනිල් වික්‍රමසිංහ මහතා ලංකා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව ලෙස සටහන් වුණු මනාප 500,566 ක් ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරන ලදී.
රනිල් වික්‍රමසිංහ මහතා මුල් වරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙනු ලැබුව 1993 වසරේ මැයි මස 07 දාය. ඒ ජනාධිපති ඩී.බී.විජේතුංග මහතා ඉදිරියේය. අද සිවු වැනි වතාවටත් දිවුරුම් දෙනු ලබන්නේ වසර විසි දෙකකට පසුවය. 1993 වසරේ අගමැති ධුරයට පත් වීමට පෙර වික්‍රමසිංහ මහතා කර්මාන්ත විද්‍යා සහ තාක්ෂණික, අධ්‍යාපන, තරුණ කටයතු යන කැබිනට් ඇමති ධුරයන්ද හෙබවීය. දෙවන වතාවට 2001 වසරේ දෙසැම්බර් මාසයේද තුන්වැනි වතාවට මේ වසරේ ජනවාරි 09 දා ද වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිව්රුම් දෙනු ලැබීය.
ශ්‍රී ලංකාවේ මෙතෙක් ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, විජයානන්ද දහනායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්.ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, රත්නසිරි වික්‍රමනායක සහ දි.මූ.ජයරත්න යන මහත්වරුන් අගමැති ධුරය හොබවා තිබේ.
SDF