නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ එක්සත් රාජධානියෙන් සුභපැතුම් Featured

    අගෝස්තු 20, 2015

    රට පුරා සංහිඳියාව සහ තිරසාර සාමයක් උදාකරගැනීමට අඛණ්ඩව ගමන් කරමින් සිටින මාවතේ ශ්‍රී ලංකාව සඳහා එක්සත් රාජධානිය විශ්වාසී සහකරුවෙක් ලෙස කටයුතු කරන බව එක්සත් රාජධානිය විදේශ ලේකම් පිලිප් හැමන්ඩ් මහතා ඊයේ (19) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභාශිංසන පළකරමින් ප්‍රකාශ කර ඇත.

     

    මෙම ජයග්‍රාහී  අවස්ථාවට බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත තමන් උණුසුම් සුභ පැතුම් පළ කරන බව හැමන්ඩ් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

     

    මෙම මැතිවරණය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධව ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රශංසාව හිමිවන බව ද ඒ මහතා තවදුරටත් සඳහන් කරයි.

     

    රට පුරා සංහිඳියාව සහ තිරසාර සාමයක් උදාකරගැනීමට අඛණ්ඩව ගමන් කරමින් සිටින මාවතේ ශ්‍රී ලංකාව සඳහා එක්සත් රාජධානිය විශ්වාසී සහකරුවෙක් ලෙස කටයුතු කරන බව පවසන ඒ මහතා වික්‍රමසිංහ මහතා සහ නව රජය සමඟ දිගටම වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද අවධාරණය කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya