ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් එහිදී රණ විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විය. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, ආණ්ඩුකාරවරුන්, මැති ඇමැතිවරුන්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් නන්ද මල්ලවආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා, රණ විරු සේවා අධිකාරියේ සභාපතිනි පත්මිණි වෑත්තෑව සහ දේශය වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන්ගේ පවුල්වල ඥාතීහුද රණ විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූහ.
රණ විරු දූදරුවන්ගේ සහභාගිත්වයෙන් රණ විරුවන්ට උපහාර පිදීමේ ආලෝක පූජාවක්ද සංවිධානය කර තිබුණි. ත්‍රිවිධ හමුදා තූර්ය වාදන කණ්ඩායම්වල සංස්කෘතික ඉදිරිපත් කිරීම්වලින් මෙම අවස්ථාව ආලෝකමත් විය.
උත්සව අවස්ථාවෙන් අනතුරුව රණ විරු ඥාතීන් අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේද සුවදුක් විමසීය.
මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, මැති ඇමැතිවරු, විදේශ තානාපතිවරු සහ ආරක්ෂක අංශයේ සහ රජයේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB/pmu_Pix By: Nishanka de Silva