අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල ප්‍රදේශවල විශේෂයෙන් උදය කාලයේ වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ හා ගාල්ලට වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මහනුවර, ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නුවරඑළිය, රත්නපුර, යාපනය, අනුරාධපුරය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.
HC