අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිය හා සාමය ස්ථාපිත කිරීමට උපදේශක සභාවක් Featured

    මැයි 19, 2014

    ආගමික අන්තවාදී හා සමාජ ප්‍රශ්න නිසාත් මාධ්‍යයෙන් නිතර කථා කළ නිසාත් නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා උපදේශක සභාවක් පිහිටුවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කරන ලද යෝජනාවක් අනුව කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) කොළඹදී කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.


    සමාජය තුළින් විවිධ ප්‍රශ්න නිරන්තරව මතුවන නිසා ඒ පිළිබඳ උපදෙස් ගැනීමට, ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට මෙය පිහිටුවනු ඇත. විනයගරුක හා නීතිය පිළිපදින සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට අවශ්‍ය වන ප්‍රවීණතා ලබා ගැනීමේ අරමුණෙන් පිහිටුවන මේ උපදේශක සභාව සාමාජිකයන් 09 දෙනෙකුගෙන් සමන්විත වේ. අමාත්‍යාංශ ලේකම් සභාපති ලෙස නිල වශයෙන් පත්වන අතර නීතිය හා අධිකරණ ක්ෂේත්‍රයේ විශේෂඥයන් තුන් දෙනෙකු විශ්‍රාමික පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමාජීය අංශයෙන් දෙදෙනෙකු හා ආගමික අංශයෙන් දෙදෙනෙකු වශයෙන් උපදේශක සභාවේ සාමාජිකයන් පත් කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya