අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරන්තලා ඝාතනයේ ගුණසමරු පුණ්‍යෝත්සවයට චීවර පරිත්‍යාගයක්

    මැයි 19, 2014

    අම්පාර අරන්තලාවේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ කුරිරු ප්‍රහාරයකට ලක්ව අපවත්වූ උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක “සද්ධම්ම වාගීස්වර සිරි සුමනතිස්ස” අතිපූජ්‍ය හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන 31 නමක් මහා සංඝරත්නය පුණ්‍යානුමෝදනා පුර්වකව අනුස්මරණය කිරීම ලබන ජුනි 02 වැනි දා අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි සිදු කිරීමට නියමිතය.


    1987 ජුනි 02 වැනි දා ශ්‍රී ලංකාවේ සංඝ පරපුරට ම්ලේච්ඡ ත්‍රස්තවාදින් විසින් සිදුකරනු ලැබූ බරපතළම හානිය වන මෙම ඝාතනය ජන හදවත් තුළින් වියැකී යාමට ඉඩ නොදී එසේම අප දේශය තුළ මෙවැනි අමානුෂික ම්ලේච්ඡ ඝාතනයන් ඉදිරියට සිදු නොවීමටත්, දිනාගත් නිදහස රැක ගැනීමට හා එකී ඝාතනයෙන් අපවත්වූ මහා සංඝරත්නය අනුස්මරණය කර උන්වහන්සේලා වෙනුවෙන් පිං පැමිණවීමත් අරභයා පවත්වනු ලබන මෙම පුණ්‍යෝත්සවය සදහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීවර 300ක් පරිත්‍යාග කරනු ලැබ ඇත.

     

    මෙම චීවර තොගය, අද (19) පෙරවරුවේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදි ආරක්ෂක ලේකම්තුමා වෙනුවෙන් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ලෙස්ලි රූපසිංහ මහතා විසින් අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමිපාණන් වෙත සංකේතාත්මකව පිළිගන්වන ලදි.

     

    මෙම අවස්ථාව සඳහා සහකාර ලේකම් මල්කාන්ති රාජපක්ෂ මහත්මියද සහභාගී වුවාය.

     

    HC/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya